Tuesday, September 28, 2021

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ස්වයං ඝාතක බෝම්බකරු සමඟ මගේ සමීප සම්බන්ධයක් තිබුණේ නැහැ – චෝදනා අසත්‍යයි රියාජ් බදියුදීන් සාක්ෂි දෙයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බොම්බය පුපුරුවා ගත් ඉන්ෂාෆ්‍ අහමඩ් නමැත්තා තමන්ගේ සමීප මිතුරෙකු යැයි එල්ල වන චෝදනා තමන් තරයේ  ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ සොහොයුරා වු රියාජ් බදියුදීන් මහතා පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (14) සාක්ෂි දුන්නේය. 

සිනමන් ග්‍රෑන්ඩ් බොම්බකරු වු ඉන්ෂාෆ්‍ අහමඩ් එලෙස බෝම්බයක් පුපුරවා ගත් බව තමන් දැනුවත්ව වූයේ ප්‍රහාරය එල්ල වු දිනයේ රූපවාහිනිය ඔස්සේ  බවයි රියාජ් බදියුදීන් මහතා කියා සිටියේ.

ඔහු පැවසුවේ සිය පවුලේ  ඥාති පාර්ශවයක් සමග ඉන්ෂාෆ්‍ අහමඩ් විවහ වී සිටි බවත් තමන්ද එම විවහ මංගල්‍යය ට සහභාගී  වු බවත්ය. පළමු වරට ස්වයං ඝාතක බෝම්බකරුව දැන හඳුනාගැනීම එහිදී සිදු වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 

එම විවහ මංගල්‍යයෙන් පසු ඉන්ෂාෆ්‍ අහමඩ් සමග එතරම් සමීප සම්බන්ධතාවයක් නොපැවති බවත්,ඔහු කුලු බඩු අපනයනයන සම්බන්ධය ව්‍යාපාරයක නිරතව සිටි බව දැනූවත් වුවත්, ඔහූ සතුව තඹ කර්මාන්ත ශාලාවක් පැවතුණු බව තමන් දැන ගන්නෙ ප්‍රහාරයෙන් පසුව බවත් ඔහු පැවසුවේය.

සාක්ෂිකරු පැවසුවේ,2019 වසරේ පෙබරවාරි මාසයේ එක්තරා දිනයක ඉන්ෂාෆ්‍ අහමඩ් තමාට ඇමතුමක් ලබා දි සිය සොහොයුරා වු එවකට කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට අවස්ථාවක් ලබා දිය හැකිදැයි විමසීමක් කළ බවයි.

ඉන්ෂාඩ් අහමඩ් නැමැත්තා තම අපනයන සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමගින් සාකච්ඡා කිරිමට එලෙස අවස්ථාව ඉල්ලා සිටි බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

පසුව තමන් මේ පිළිබදව සිය සොහොයුරා වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැනුවත් කළ නමුත්,පවතින කාර්යබහුලත්වය හමුවේ එවැනි අවස්ථාවක් ලබා දිය නොහැකි බව හිටපු අමාත්‍යවරයා තමන්ට පැවසු බවත් රියාජ් බදියුදීන් මහතා කියා සිටියේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, ඉන්ෂාෆ්‍ අහමඩ් සමඟ කතා කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බව තමන්ට පෙනී ගිය නමුත් ඊට හේතුව තමන් නොදන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. 

සාක්ෂිකරු සදහන් කළේ 2019 වසරේ මාර්තු 01 වැනිදා ඉන්ෂාෆ්‍ අහමඩ් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී එදින සවස තමන් අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යංශයට පැමිණෙන බව දැනුම් දුන් බවයි.

තමන් ඒ වන විට අමාත්‍යංශයට පැමිණ සිටි පිරිසකට අමාත්‍යවරයා නොපැමිණෙන බව දැනුම් දිම සදහා යමින් සිටි බව පැවසූ සාක්ෂිකරු පැවසුවේ,එම අවස්ථාවේ විටින් විට ඉන්ෂාඩ් අහමඩ් තමන්ට දුරකතන ඇමතුම් ලබා දි තම ඉල්ලීම ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටි බවයි.

ඉන්ෂාඩ් අහමඩ් තමන් අමාත්‍යංශයේ දි හමුවී ” අපේ  අපනයන තහනම් කිරිම නිසා අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ,ඒ ගැන කතා කරන්න තමයි වෙලාවක් ඉල්ලූවේ,එහෙම අවස්ථාවක් ලබා නොදෙන නිසා අපි ඕගොල්ලන්ට විරුද්ධව නඩු දානවා තරහ වෙන්න එපා ” යැයි පැවසු බව රියාජ් බදියුදීන් මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් කියාසිටියේය.

ඔහු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂණවලදි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බොම්බකරු තමන්ට ඇමතුම් හතක් ලබා ගෙන ඇති බවත් ,තමන් එම කාලය තුල කිසිදු ඇමතුමක් ලබාගෙන නොමැති බව හෙළි  වූ  බවයි.

තමන් ඉන්ෂාෆ්‍ අහමඩ් සතු තඹ ශාලාවට ගොස් කිසි විටක ඔහූ හමු නොවු බව රියාජ් බදියුදීන් මහතා අවධාරණය කළේය. 

2019 වසරේදි ඔබ අරාබි ජාතිකයන් පිරිසක් සමග මැදවච්චිය ප්‍රදේශයේ  සංචාරයක නිරත වුණා දැයි සාක්ෂිය මෙහෙය වූ රජයේ අධිනීතිඥවරයා  සක්ෂිකරුගෙන් විමසුවේය. 

ඊට පිළිතුරු ලබාදෙමින් සාක්ෂිකරු  එය ප්‍රතික්ෂේප කරන ලදී.

මූලික සාක්ෂි විමසීම අවසන් කරමින් සාක්ෂිය මෙහෙය වූ රජයේ අධි නීතිඥවරයා සාක්ෂිකරු වූ රියාජ් බදියුදීන් මහතා වෙත යෝජනා කළේ කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව තමන් ඉන්ෂාෆ්‍ අහමඩ් සමීප මිතුරෙකු ලෙස ඇසුරු කර ඇති බවයි.

සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය. 

මේ අතර  ඉන්ෂාඩ් අහමඩ්ගේ තඹ කම්හල පිළිබඳ සාක්ෂිකරු දැනුවත් සිටි අතර එම දැනුවත්භාවය නිසාම සාක්ෂිය ආරම්භයේදීම එම කම්හල සම්බන්ධයෙන් තමන් නොදන්නා බව සාක්ෂිකරු ප්‍රකාශ කළ බව රජයේ අධි නීතිඥවරයා යෝජනා කරන ලදී.

සාක්ෂිකරු වූ රියාජ් බදියුදීන් මහතා විසින් එම යෝජනාවද සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය. 

තවදුරටත් රජයේ අධිනීතිඥවරයා යෝජනා කළේ රියාජ් බදියුදීන් ඉන්ෂාෆ්‍ අහමඩ්ගේ තඹ කම්හල වෙත වෙත ගොස් ඔහුව හමු වී ඇති බවයි. 

එයද ඔහු සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...