Sunday, August 1, 2021

බැසිල්ගේ ’’වැඩ සමග යළි ගමට’’ ජාතික වැඩසටහන රුහුණෙන් ඇරඹෙයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

පසුබෑමට ලක්ව තිබූ රට නැවත සංවර්ධනය කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කර ඇති “වැඩ සමග යළී ගමට” ජාතික වැඩසටහන ඊයේ (14) රුහුණු විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි. 

“ගම සමග පිළිසඳරක්” මැයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහනේ දෙවැනි අදියර වශයෙන් මෙම “වැඩ සමග යළි ගමට” වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි මුල් පියවර වශයෙන් 2021 අයවැය යෝජනා පිළිබඳව පළාත් මට්ටමින් ජනතා අදහස් ලබාගැනීමේ සාකච්ඡා මාලාවක් ක්‍රියාත්මක කෙරේ. ඊයේ රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණේ එහි පළමු සාකච්ඡාවය. 

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා, 

“අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහජන නියෝජිතයින් , රජයේ නිලධාරීන්, ගමේ සිටින ප්‍රජා සංවිධානවල නියොජිතයින් ඒ වගේම අනෙකුත් සංවිධාන සහභාගී කරගෙන මෙම ග්‍රාමීය කමිටුවලට ඉදිරිපත් කරන ගමේ ජනතාවගේ යෝජනා තවදුරටත් විධිමත් ලෙස අධ්‍යනය කරමින් ඒවා ප්‍රමුඛතාගත කරන්නයි.

මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණුවට තවත් රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. මේ තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහිකර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් වෙළඳසැල් ආරම්භ කරනවා. හැම ගමකට ම ගිහිල්ලා ගමේ ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙමින් ඔවුන් සහභාගී කරගෙන “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. මෙම අයවැය සැබැවින්ම ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන්ට, සංස්කෘතියට හා දේශිය නිෂ්පාදනය මුල් කරගත් අයවැයක් බවත් ඒ සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මැදිහත් වන ලෙස සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.

මෙවර අයවැයෙන් අපි අධ්‍යාපනය සෞඛ්‍ය සහ සමාජ සුභසාධනය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනවා. ගමට සන්නිවේදනය යටතේ අධිවේගි අන්තර්ජාල පහසුකම ගමට ලබාදීමට අපි කටයුතු කරනවා. ග්‍රාමීය පාසල් වල දුරස්ථ අධ්‍යාපන දියුණුවට තවත් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. අපේ මේ වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහය තුළින් ඵලදායී සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අපේ අරමුණයි.

කොවිඩ් – 19 පැතිරීමෙන් බිඳවැටීමට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා සූදානම් විය යුතුයි. අපනයන ආදායමට පසු දේශිය ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදුන්නේ සංචාරක කාර්මාන්තය. ඒ නිසා අපි සංචාරක කර්මාන්තය සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව නැවත ආරම්භ කරන්න කටුයුතු කරනවා” යනුවෙනුයි සඳහන් කළේ. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...