Sunday, April 18, 2021

නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය
මහතාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් 14 දින විවෘත විය.

මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති අතර 2016 වර්ෂයේදී ඒ සදහා මුල්ගල් තැබීම සිදු කර ඇත.

සර්ව ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව ගොඩනැගිලි සංකීර්ණය තුළ කිරි ඉතිරිවීම සිදු විය.
බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම අති පුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් සිදු කළ අතර ෂර්ලි මුතුකුඩ ආරච්චි පියතුමා විසින් කිතුනු ආගමික වතාවත් සිදු කරන ලදී.

රාජා මොහාන් කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළ අතර ෂේක් උෂාමා නුර්මත් මවුලවිතුමන් විසින් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද සිදු කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල තුළට අභිනවයෙන් වැඩම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පුජා පැවැත්වීම ද අති පුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ මුලිකත්වයෙන් සිදු විය. විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව විශේෂ උත්සව සභාව පැවැත්විණි.එහි පිළිගැනීමේ කථාව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසින් සිදු කළ අතර නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි යන මහත්වරුන් උත්සව සභාව ඇමතීම සිදු කළේය.ස්තූති කථාව වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් සිදු කරන ලදී.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් නීතිඥවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...