Sunday, April 18, 2021

ඇන්ටිජන් කට්ටල ලක්ෂ 3න් භාවිතා කළේ 15000යි. තවත් හදිසි මිලදී ගැනීමකට ටෙන්ඩර් කැඳවන්නේ ඇයි ? – කුමුදේශ්

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමට භාවිතා කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබියදී හදිසි මිලදී ගැනීමක් වශයෙන් තවත් සුළු ප්‍රමාණයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර් කැඳවන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතුවන බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 

“දෙවතාවකදී 50000 බැගින් මේ ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රයෝජනය සඳහා ලබාගෙන තියෙනවා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය ලක්ෂයක කට්ටල ප්‍රමාණයක් එවලා තියෙනවා, තවත් ලක්ෂයක ප්‍රමාණයක් ඔවුන් එවන්න තියෙනවා කියලා වාර්තා වෙනවා. 

එතකොට මේ ප්‍රමාණය ගත්තාම ලක්ෂ තුනක වගේ ප්‍රමාණයක්. මං හිතන්නෙ මේ වෙනකොට අපි ක්ෂේත්‍රගතව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 15000ක වගේ ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණ සිද්ධ කරපු ප්‍රමාණය ඉතාම කුඩා ප්‍රමාණයක් කියලා තමයි අපි විශ්වාස කරන්නෙ. 

අපි ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් ගෙනල්ලා තිබියදී නැවත මේ ඉතාම සුළු 500ක වගේ ප්‍රමාණයක් හදිසියේ බාහිර මිලදී ගැනීම් හරහා, ලෝකල් පර්චස් හරහා මිලදී ගැනීමට උත්සාහ කරන්නේ කුමන අවශ්‍යතාවයකටද කියන ප්‍රශ්නාර්ථය අපට මතුවෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 500ක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන අතර එම ටෙන්ඩරයේ සඳහන් වන්නේ එසේ සැපයුම් කිරීමට ඉදිරිපත් වන සමාගම් අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී තිබිය යුතු බවයි. 

කෙසේවෙතත් එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කපිල ජයසිංහ මහතා පවසන ආකාරයට එකී රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීම සඳහා එහි ලියාපදිංචිය මේ වනවිට ලැබී ඇත්තේ මෙරට එක් සමාගමකට පමණි. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...