Thursday, April 22, 2021

ස්වාධීන කොමිෂන් සභා නව සාමාජිකයින්ගේ පත්කිරීම් ස්වාධීන නැහැ – සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදයෙන් චෝදනා

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ජනාධිපතිවරයාගේ යෝජනා මත ව්‍යවස්ථාපිත කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු සභාව  මගින් නිර්දේශ කර ඇති ඇතැම් සාමාජිකයින් පිළිබඳව පැනනැගී ඇති බරපතල ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් ස්වාධීන කොමිෂන් සභා සඳහා සිදුකර ඇති පත්කිරීම් නැවත සලකා බලන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී ඇති අභියෝග හා ඒ සඳහා වගකීම් සහගත කණ්ඩායම්හි මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සංඝ සමාජයේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13)පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට එළඹ තිබේ. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එම විශේෂ සාකච්ජාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසන්නේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වැනි සංශෝධනය පිළිබඳව බලවත් විරෝධය පළකිරීමටත් එහිදී තීරණය කර ඇත. එම ව්‍යවස්ථා සංශෝධනයෙන් තහවුරු වන ව්‍යවස්ථාපිත ඒකාධිකාරය පරාජය කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇත. 

එයට අමතරව ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් අදවන විට දක්වනට ලැබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිරිහීම පිළිබඳවද උන්වහන්සේලාගේ අවධානය යොමුකර තිබෙන අතර එම තත්ත්වය නොපමාව මඟහැරවීමේ පූර්ණ වගකීම කතානායකවරයාට සහ පක්ෂ නායකත්වයට පැවරී ඇති බවද අවධාරණය කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

අද වන විට රටේ භික්ෂුන් වහන්සේලාටද නිදහසේ තම අදහස් පළකිරීමට නොහැකි තත්ත්වයක් උද වී ඇති අතර උන්වහන්සේලා ආණ්ඩුවේ තම තීරණ පිළිබඳව ප්‍රශ්න කරන විට භික්ෂුන් වහන්සේලා පසුපස රහස් පොලීසිය යොදවමින් සිටීම ගැනද එහිදී සාකච්ජාවට බඳුන් වී තිබේ. 

දේශපාලන බලය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව විසින් ජාතිවාදය සහ ආගම් වාදය යොදාගනිමින් සිටීම තුළ එමඟින් සමාජයට සිදුවන අහිතක බලපෑම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බව දැක්වෙයි. 

රට පුරා දැවැන්ත ලෙස සිදුවන පරිසර විනාශය සහා පුරා වස්තු සංහාරය සම්බන්ධයෙන්ද උන්වහන්සේලා සිය විරෝධය පළකරයි. 

විශිෂ්ට රහස් පරීක්ෂකයෙකු වන ශානි අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන පළිගැනීම් මහත් පිළිකුලක් දනවන බව පෙන්වාදුන් උන්වහන්සේලා අවධාරණය කරන්නේ මෙම තත්ත්වයන් තුරන් කිරීම වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි. 

මෙම භික්ෂු කතිකාවතේ මූලාසන මණ්ඩලය වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක මුගුණුවටවන සිද්දත්ත නායක ස්වාමීන් වහන්සේ,ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක මාදම්පාගම අස්සජී ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා රමඤ්ඤ මහනිකායේ අධිකරණ නායක මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නායකන් ස්වාමීන් වහන්සේ විසින් හොබවා ඇත. 

මෙම අවස්ථාවට භික්ෂුන් වහන්සේලාගේ ආරාධනයෙන් හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක,තිස්ස අත්තනායක,මනෝ ගනේෂන් යන මහත්වරු,විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ සිවිල් සමාජයේ නියෝජිතයින් සහභාගී වී තිබේ. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...