Thursday, April 22, 2021

ජනතාව මෙතරම් පීඩාවට පත්වෙලා ඉද්දී මොන ඡන්දද ? ඇයි මේ තියෙන බලය ආණ්ඩුවට මදිද ? – ගුණවංශ හිමි

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

කොරෝනා වසංගතය හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව තම හෙංචයියන්ට වරප්‍රසාද ලබාදීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව රජයට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. 

“මේ දිනවල අපට මොන ඡන්දද ? අපේ රටේ ජනතාව බහුතරයක් ඉතාමත්ම දුකෙන් විවිධ ගැටළුවලින් ප්‍රශ්නවලින් මිරිකී ජීවත් වෙන කාලයක් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක. ඒනිසා මැතිවරණ පැවැත්වීම යනු තවත් විශාල ජාතික ධනයක් ඒ මැතිවරණය සඳහා යෙදවීමක් හැටියටයි අපි දකින්නෙ. 

එනිසා මේක මේ ජනතාව විසින් ඉල්ලපු මැතිවරණයක් නෙවෙයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු පළාත් සභා මැතිවරණය තුළින් හෙංචයියන් රාශියකට වරප්‍රසාද වරදාන ලබාදීමේ උත්සාහයක් හැටියටයි අපි දකින්නෙ. උතුරු නැගෙනහිර ජනතාවවත් මේ පළාත් සභා මැතිවරණය ඉල්ලන්නෙ නෑ. මොකක්ද මේ මෙච්චර කැක්කුමක් මේ ඡන්දය පවත්වන්න ? මොකද මෙච්චර බලය ඒකරාශී කරගන්න හදන්නෙ ? තුනෙන් දෙකක බලය අරන් දුන්නා, 69 ලක්ෂයක් ඡන්ද දුන්නා, 20 වැනි සංශෝධනය ගෙනල්ලා තව බලය එකතු කරගත්තා. දැන් පළාත් සභා පවත්වලා ඒ බලයත් රැස්කර ගන්න හදන්නෙ, කුමක්ද කරන්න හදන්නෙ ? මේ තියෙන බලය මදිද කියන එක අපි මේ වෙලාවෙ ඉතාම පැහැදිලිව රජයෙන් ප්‍රශ්න කර සිටිනවා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...