මිනිසුන් උප්පත්තියෙන්ම පහත් යැයි සම්මත කුළ වලට බෙදා තිබුන සහ රට වැසියන් රජුගේ යටත්වැසියන් ලෙසත් , රටේ සියළු දේපල රජුගේ පොල්මඃකාර නින්දගම් ලෙසත් සැලකුනු වැඩවසම් යුගය තුල මානවහිමිකම් යනුවෙන් කිසිවක් හඳුනාගෙන තිබුනේ නැත.

පළමු වරට යම් යම් සීමාවන් තුල හෝ මිනිස් අයිතිවාසිකම් යන්න හඳුනාගැනෙන්නේ ධනවාදය තුල නිර්මාණය වන රාජ්‍යයෙන් ස්වායක්ත පුරවැසි අයිතිවාසිකම් හරහාය.

නමුත් අවවර්දිත ධනවාදය තුල එකී අවවර්දිත බාවයට සාපේක්ෂව රාජ්‍යයෙන් ලැබෙන ආර්ථික අයිතිවාසිකම් සහ රාජ්‍යයෙන් ලැබිය යුතු ආරක්ෂාව අහිමිකරනු ලැබූ අවාසනාවන්ත ආන්තික සමාජ කොට්ටාශයක්ද මේ වනවිට නිර්මාණය වී ඇත.

ආර්ථික නොහැකියාව මත මිනිසුන් අවමානයට පාත්‍රකෙරෙන සහ වාර්ගික වශයෙන් මිනිසුන් අවමානයට පාත්‍ර කෙරෙන එසේම ස්ත්‍රීන් වශයෙන් මිනිසුන් අවමානයට පාත්‍රකෙරෙන සහ එකී  දූෂිත මනෝබාවන් ආයතන ගතවූ සමාජ අවකාශයක් මානවහිමිකම් රජයන සමාජයක් ලෙස හඳුනාගත නොහැක.

එසේම එකී අවවර්දිත ධනේශ්වර සමාජ සන්දර්බය තුල සිරකරුවන් සහ සැකකරුවන් ලෙස බන්ධනාගාර ගතවූවන්ද බෝහෝ විට සැලකෙන්නේ අවමානයට පාත්‍රවූ සමාජ කොට්ඨාසයක් ලෙසය.

මෙතෙන්දි  ඔවුන් වැටෙන්නෙ අවවරප්‍රසාදිත දෙවනපෙල පුරවැසියන් ගනයටය. එහිදී ඔවුන් නාමිකව පුරවැසියන් උවත් ඔවුන්ගේ අයිතීන් වලට ගරුකෙරෙන්නේ නැත. ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක දෙවන පෙල පුරවැසියන් නැත. මන්ද දෙවන පෙල පුරවැසියන් යනු ඔවුන් දෙවන පෙල මනුශ්‍යයන්ද වන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here