
වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල යනු හුදෙක් අහස් මාළිගාවක් පමණක් බවත් ඔවුන් කරන්නේ මොනවාදැයි ඔවුන්වත් නොදන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
“මේගොල්ලො කියනවා අපට ප්‍රශ්නයක් නෑ, ණය ගෙවන්න පුළුවන්, අපි ඩොලර් ණය ගෙවලා දාලා සල්ලි අච්චු ගහලා රුපියල් ණය වලින් මේක කරනවා කියලා. ඒවා නිකම් මේ අහසේ තනන මාළිගා විතරයි.
කණගාටුයි ! මොවුන්ගේ වැඩපිළිවෙල මොවුන් දන්නෙවත් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (10) අයවැය විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.