Thursday, June 24, 2021

කොරෝනාවට එරෙහිව දේහීය ඖෂධ 50ක් පමණ සොයාගත්තා.. ආණ්ඩුව පුරා බටහිර දැනුමේ ආධිපත්‍ය නිසා ඒවා ගණන් ගන්නේ නෑ..

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

තම්බපවනියේ වාසිය

ඊයෙ තම්බපවනි විදුලි බලාගාරය සුළං විදුලි උද්‍යානය විවෘත කිරීමත් සමග එහි අවධානය යොමු වියයුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වන විට ඉතාම අධික මිල ගණන් ගෙවමින් තමයි ඩීසල් වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකක මිල දී ගන්නේ. එක පැත්තකින් ඩීසල් විදුලි බලාගාර නිසා පරිසරයට දැවැන්ත තර්ජනයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට එක්කෝ සෘජුව විදුලි බිල වැඩි කිරීමේ අවධානමක් තියෙනවා. නැත්තං ඉතින් ජනතාව තමයි බදු මුදල් හරහා ඒ පිරිවැය දරන්නේ. ඉතා වැදගත් කාරණය තමයි තම්බපවනි සුළං විදුලි උද්‍යානය හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයක පිරිවැය වන්නේ රුපියල් 9කට ආසන්න ගණනක්. දැනට විවිධ මිලගණන් වලට ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කරනවා. එයින් සමස්ත විදුලි නිෂ්පාදනයේ සාමාන්‍ය මිල ගත්තොත් ඒකකයකට රුපියල් 23ක්. සාමාන්‍යයෙන් රුපියල් 23ක් වූ ලංකා විදුලිබල මණ්ඩලය විදුලි නිෂ්පාදන පද්ධතියට රුපියල් 9ක අඩු මුදලකට නැතිනම් ඩොලර් සත 5 ක් වැනි අඩු මුදලකට විදුලිය නිෂ්පාදනය කර ගැනීමට හැකි විදුලි පද්ධතියක් එකතුවීම ම පරිසරයට වගේම පාරිභෝගිකයාටත් දැවැන්ත සහනයක්ලබා දෙන දෙයක්. ඒ වගේම සියඹලාණ්ඩුවේ තවත් මෙගාවොට් සීයක් සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදන කිරීම අපි දැන් ආරම්භ කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මේ සියල්ල එකට ගත්විට 2030 වන විට පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය70% දක්වා ගෙනයාමට අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ සෞභාග්‍යය දැක්ම අනුව ජනතාවට දුන් ප්‍රතිඥාව යථාර්ථයක් කරමින් තියෙනවා කියන එක තමයි මෙයින් පෙන්නුම් කරන්නේ.

දේශීය දැනුම සහ බටහිර ගැති විපක්ෂය

ඒ වගේම අපි දැක්කා දේශීය දැනුම ලබා ගන්නා ක්‍රම පිලිබදව අනවබෝධයෙන් කටයුතු කරන බටහිර ගැති නිසාම බටහිර විද්‍යාත්මක චින්තනයෙන් පමණක් සියල්ල දකින්න උත්සාහ කරන විපක්ෂය අපේ දේශීයව සොයා ගන්නා බෙහෙත් වර්ග ගැන උපහාසයට අපහාසයට ලක් කරනවා. ඔවුන් විද්‍යාව ලෙස දකින්නේ බටහිරෙන් ඇති වෙච්ච විද්‍යාව පමණයි. අපිට ඊට වඩා දියුණු දැනුම ලබාගැනීමේ ක්‍රම තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික දැනුම ලබාගැනීමේ ක්‍රම තියෙනවා. ඒව ගැන බටහිර විද්‍යාවේ තාම හිතලවත් නෑ. බටහිර විද්‍යාව අපේ සම්ප්‍රදායික දැනුම් පද්ධතිය එක්ක බලද්දි තාම දණ ගාන වයසේ ඉන්නේ. එනිසා අපේ සම්ප්‍රදායික දැනුම් පද්ධතියට ගරහන කෙනෙක් ඉන්නවා නම් ඒ අය ගරහන්නේ අපේ ජාතියේ අභිමානයට කියන එක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි සිහිපත් කරනවා.

ඒ වගේම අපේ දේශීය වෛද්‍යවරු එකිනෙකට වෙනස් විකල්ප පණහකට ආසන්න බෙහෙත් වර්ග හඳුන්වා දුන්නා කොරෝනා වෛරසයට එරෙහිව. නමුත් මේ බෙහෙත් වර්ග වලට නිසි අවධානයක් නොලැබුණු නිසාත් බටහිර දැනුම් ආධිපත්‍යය ආණ්ඩුව පුරා සිසාරා තියෙන නිසාත් මේ බෙහෙත් වර්ග වලට නිසි අවධානය යොමු වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් නිසාම ලෝක බේරගත් රාජ්‍ය විදිහට ශ්‍රී ලංකාව පත්වීමට තිබූ අවස්ථාව ඇත්තෙන්ම පස්සට ගියා. අදටත් බෙහෙතක් ලෝකෙ නෑ.

ප්‍රතිශක්තිකරණ එන්නත් කියන්නේ බෙහෙත් නෙවෙයි. එය ඖෂධයක් නොවෙයි. ප්‍රතිශක්ති කරණයෙන් කරන්නේ රෝගය වළක්වා ගැනීමේ හැකියාව වැඩි කිරීම පමණයි. එම නිසා දැන් ලෝකය පුරා හොයාගෙන තියෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ඖෂධයක් වෙන්නේ නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව වයිරස් ඉදිරියේ අසරණයි. බැක්ටීරියා වලට බෙහෙත් හොයා ගත්තට වෛරස් ඉදිරියේ බටහිර වෛද්‍ය විද්‍යාව අසරන වෙලා තියෙනවා.නමුත් වයිරස් වලට ප්‍රතිකාර කරන බෙහෙත් වර්ග දේශීය වෙදකම තුළ තියෙනවා. ඒ නිසා තමයි මේ දේශීය ඖෂධ වලට ලෙඩේ හොඳ කරන්නත්, ලෙඩේ හැදීමේ අවස්ථාව වැළැක්වීමත් කියන කාරණා දෙකම කරන්න පුළුවන්. බටහිර රටවල් අද කතා කරන ප්‍රතිශක්තිකරණ එන්නතට හැකියාව තියෙන්නේරෝගය වැළැක්වීම පමණයි. හැදුනු කෙනෙකුට ඒක ඖෂධයක් වෙන්නේ නෑ. එනිසා මේ දේශීය දැණුමට නිගා කරන්න එපයි කියලා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය – ඇමතිතුමා තරුණයන්ට රැකියා ලක්ෂයක් දෙනවා කිව්ව එක ආණ්ඩුව කරගෙන යනවද?චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා.

පිළිතුර – දැනට තුනෙන් එකකට රැකියා ලබා දීලා ඉවරයි. අනිත් අයගෙත් අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සිදුකරමින් කටයුතු ඉදිරියට යනවා. ලක්ෂයකට රැකියා දෙද්දී ඔබ දන්නවා එය දැවැන්ත රැකියා ප්‍රමාණයක්. අවාසනාවට covid-19 තත්වය නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ එක පැත්තකින් , පැමිණීමේ අඩපන වීමක් තියෙනවා අනෙක් පැත්තෙන් පැමිණෙන අයට පවා අන් සියලු කාර්යයන්ට වඩා covid 19 මර්දනයටත් එහි අගතියට පත් පාර්ශවයන්ට ප්‍රමුඛතාවෙහිලා සලකන්නත් වෙලා තියෙනවා. එනිසා යම් ප්‍රමාදයක් මේ වසර තුළ සිදුවුණා. නමුත් මේ ලක්ශයටම අනිවාර්යයෙන් රැකියා ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙනවා.

ප්‍රශ්නය – අපි දැක්කා මෑත කාලයේ කොමිෂන් සභාවලින් අසාධාරණයට ලක් වෙච්ච පිරිස් ගැන ඒ ගැන වාර්තාවක් ලබාදෙනවා. දැන් මේවට සාධාරණයක් ඉටු වෙයිද ?

පිළිතුර – දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් පිලිබද සොයා බැලීමට ජනාධිපතිතුමන් විසින් පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ දිනයේ දී තමයි ජනාධිපතිතුමන් වෙත බාර දුන්නේ. ජනාධිපතිතුමා විසින් එය මුලින්ම ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරාවි. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන්න. මොකද ඒ හරහා තමයි මේ රටේ වෙච්ච ඒ අසාධාරණයන් පිළිබඳව ජනගත කිරීම සිදුකරන පුළුවන් වෙන්නේ.

ඒ වගේම ඔබට මතකයි මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වූවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි කරලා තිබුණා වංචාවේ දිග පළල සහ ඒ සිදුකළ ආකාරය පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ලැබුණේ. ඒ වගේම මේ අසාධාරණයට ලක්වූ අයට සාධාරණය කිරීම සඳහා ඊයේ දිනයේදී ජනාධිපතිතුමාට භාරදෙනු ලැබූ වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මෙහි නිර්දේශ මොනවාද කියන එක අපිට තවම අවබෝධයක් නෑ.ඇමති මණ්ඩලයට, පාර්ලිමේන්තුවට තවම ඉදිරිපත් කරලා නෑ. ඒ වාර්තාවේ නිර්දේශ අනුව, ජනාධිපතිතුමා විසින් පත්කල ඒ කොමිෂන් සභා විසින් හඳුනාගන්න අසාධාරණයට ලක්වුණු පුද්ගලයන් සිටිත් නම් ඒ අයට සහන ලබා දෙන්න විතරක් නොව එවැනි දේශපාලන පලිගැනීම් වලට කටයුතු කරපු පුද්ගලයන්ටත් දඩුවම් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. දේශපාලකයින් වාඩිවෙලා අරලියගහ මන්දිරේ සාකච්ඡා කරමින්, නීතිපතිට පොලිස්පතිට උපදෙස් දෙමින් දේශපාලනීකරණය වුණු යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක් හරහා තමන්ගෙ සතුරන් මර්දනය කිරීම දඩයම් කිරීම අනාගතයේ නොවන බවට වග බලා ගන්න මොන වගේ ක්‍රියාමාර්ග ගත යුතු ද කියන එක සම්බන්ධයෙනුත් ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙනවා වෙන්න පුළුවන්. මෙවැනි අමිහිරි දේවල් කවුරුන් බලයේ සිටියත් නොවිය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. ඒවායින් දුක් විඳපු පාඩම් ඉගෙන ගත්ත අය තමයි මුසාමිල් මන්ත්‍රීතුමාත් මමත්. අප දැඩි පීඩනයකට ලක් වුණා ඒ කාලෙදි අසත්‍ය චෝදනා නිසා. ඒ නිසා කවුරු බලයේ සිටියත් මෙවැනි වැරදි නොවන බවට වග බලා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවක් විදිහට වගකීමක් තියෙනවා.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...