Tuesday, June 22, 2021

ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරීන්ට ටැබ් පරිගණක යන්ත්‍ර

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂණ නිලධාරීන්ට පරිගණක යන්ත්‍ර 47 ක් මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධිකාරියේදී බෙදා දෙන ලදී.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සියලුම කාර්යන් හා සේවාවන් වඩාත් විනිවිද භාවයකින් හා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව සේවා අපේක්ෂිත ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවාවන් ඩිජිටල්කරණයේ ක්‍රිවලිය ආරම්භ කර ඇත.මේ යටතේ ඖෂධ, වෛද්‍ය උපකරණ සඳහා දේශීය නියෝජිතයින් ලියාපදිංචිය ඖෂධ ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මෙමගින් කාර්යක්ෂමව අනලස්ව ඉටු කිරීමට මෙයින් හැකි වනු ඇත.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එක් ප්‍රධාන ක්‍රියාවලියක් වන ඖෂධ ශාලා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියේදී ඖෂධ ශාලා අතර, පවතින දුර මේ වන විට මැනීමට සිදුව තිබෙන්නේ යතුරුපැදියක ආධාරයෙන් බව පැහැදිළි වූ අතර, මෙම කටයුතු ඉදිරියේදී මඟහරවමින් ඖෂධ නියාමන ක්‍රියාවලිය යාවත්කාලීන කරමින් මෙම ටැබ් යන්ත්‍ර උපයෝගි කරගනිමින් විධිමත්ව කිරීමට පහසු වනු ඇත.


ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල වලට අනුයුක්ත ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරීන්ගේ මාධ්‍ය පද්ධතිය සමඟ තොරතුරු හුවමාරුව හා වාර්තා සැපයීම වඩා වේගවත්ව නිවැරැදිව හා විනිවිද භාවයෙන් කටයුතු කිරීමට මෙයින් තවදුරටත් පහසු වනු ඇත.


මෙම අවස්ථාවට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,
අපේ රටේ පොදුවේ ගත්තොත් වෙළදාම් කරන කෙනා තාක්ෂණය උපයෝගි කරගන්නවා.එය නියාමනය කරන කෙනා එය කරන්නනේ පරක්කු වෙලා.මෙම අසමතුලිතතාවය නිසා තමයි දූෂණය වංචාව ඉහවහලා ගිහිල්ලා තියෙන්නේ.
බටහිර රටවල් තාක්ෂණය නිෂ්පාදකයාට ව්‍යාපාරිකයාට ලැබෙනවා හා සමානව සමඟාමීව නියාමනය කරන කෙනාටත් ලැබෙනවා.සමතුලිතභාවයකින් තමයි ඉදිරියට යන්නේ.

අපේ රටේ නියාමනය කරන අය ඉන්නේ 80, 90 දශකයේ.එතකොට ව්‍යාපාරිකයෝ නවීන තාක්ෂණයත් එක්ක ඉන්නවා. නවීන තාක්ෂණය සමඟ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම”ට සමගාමීව ජනතාවට ලැබිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ රාජ්‍ය නිලධාරීන් හැටියට කටයුතු කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඖෂධ නිෂෟපාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...