Sunday, April 18, 2021

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ නිවසටම

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව වැඩපිළිවෙළ යටතේ ඖෂධ බෙදාහැරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් ඇත.

මේ යටතේ රෝගීන්ට තම ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවක් (08) දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශයේදී පවත්වන ලදී. ‍

ප්‍රාදේශීය වශයෙන් පත්කරනු ලබන නියෝජිතයෙකුගේ මාර්ගයෙන් රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වට්ස්ඇප් කිරීම මඟින් මෙම ඖෂධ තම නිවසටම ලබා ගැනීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.එම නියෝජිතයන්ට වට්ටමක්ද ලබා දීමට හැකියාවක් පවතින බව තහවුරු විය.


දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නව ඔසුසල් සඳහා ඉල්ලුම් කර තිබූ අතර, එම ආයතන ආරම්භ කිරීම සඳහා මූලික අවශ්‍යතා සපුරා තිබිය යුතු බව මෙහිදී සාකච්ඡා විය.ඔසුසලක් ආරම්භ කිරීමේදී වර්ග අඩි 1500 ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය බවත්, රජයේ ගොඩනැගිල්ලක් හෝ රජයේ ඉඩමක තිබෙන ගොඩනැගිල්ලක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ විමධ්‍යගත අයවැයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් හෝ වීම මෙහිදී මූලික සුදුසුකමක් බව තහවුරු විය.


අවශ්‍යතා සපුරා ඇති ප්‍රදේශවල මාස 02ත්, 03ත් අතර කාලයේදී ඔසුසලක් ආරම්භ කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජිතයන් විසින් පැහැදිලි කරන ලදී.


කෑගල්ල,මඩකලපුව,නුවරඑළිය,තිස්සමහාරාමය,බත්තරමුල්ල,මාලබේ,ත්‍රිකුණාමලය,නිට්ටඹුව,වරකාපොල,නාත්තණ්ඩිය,මාරවිල හා හලාවත යන ප්‍රදේශවල ඔසුසල් ඉදිකිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් දැනට සපුරා ඇති බව තහවුරු විය. දැනට දිවයිනේ ඔසුසල් 45 ක් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එය නගරයක් පාසා ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැළසුම් කර ඇති බව අනාවරණය විය.
එම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන උපුල් ගලප්පත්ති, ජගත් කුමාර සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...