
මෙරට විදුලිබල ක්ෂේත්රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
එම කොමිසමේ සාමාජික, මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ තමන් ඇතුළු සාමාජිකයින් පස්දෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (08) මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බාරදුන් බවයි.
මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය දෙසැම්බර් 01 වනදා මහාභාණ්ඩාගාර ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබුණු අතර එය ආණ්ඩුව තුළම යම් නොසන්සුන්තාවක් ඇති කිරීමට ද හේතුවී තිබිණි.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන වැනි අමාත්‍යවරුන් පී.බී. ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් එහිදී අදහස් දක්වන ආකාරය ද දැකගැනීමට හැකිවිය.
කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස්වීම තුළ එම කොමිසම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන නිසා අමාත්‍යවරුන්ගේ අදහස් කවරක් වුව ද පී.බී. ජයසුන්දර මහතා ජයග්‍රහණය කර ඇති බව පෙනේ.