Sunday, April 18, 2021

සුරාබදු වැටලීමකදී අයිස් කිලෝ ග්රෑම් 100 ක් සමග හෙරෝයීන් කිලෝ ග්රෑම් 100 ක් අත්අඩංගුවට

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය ග්‍රහණය වාර්තා කරමින් අද දින උදෑසන සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සුරාබදු නිළධාරීන් කන්ඩායමක් විසින් හලාවත තොඩුවාව ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 100 ක් සමග හෙරෝයීන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 100ක් අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ සමගම එම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත සැකපිට පුද්ගලයින් සිවු දෙනෙකුද එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද වාහන හතරක් ද සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇත. එම වාහන අතර කාර් රථ දෙකක් ලොරි රථයක් හා වෑන් රථයක්ද වේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 37 – 44 සීමාවේ පසුවන්නන් වන අතර ඔවුන් ගනේමුල්ල, දෙමටගොඩ හා මීරිගම ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශණයකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද සුරාබදු බුද්ධි ඒකකයේ ද සහභාගීත්වය සහිතව මෙම වැටලීම සිදුකර ඇති අතර එය සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාගේ පුද්ගලික මැදිහත්වීම යටතේ සිදුකිරීම විශේෂත්වයකි.

අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයෙහි සිල්ලර වෙළඳ වටිනාකම රුපියල් මිලියන 900 ඉක්මවන අතර හෙරෝයීන් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1200 ඉක්මවන බව වාර්තා වේ. ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ථ මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් බිලියන දෙක ඉක්මවයි.

අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වරයෙකුගේ අධීක්ෂණය යටතේ සුරාබදු බුද්ධි ඒකකයෙහි ද මැදිහත් වීම මත මෙම වැටලීම සම්බන්ධ වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒම හා ඒවා දිවයින තුළ බෙදාහැරීම සිදුකරනු ලබන ජාවාරම් කරුවන්ගේ ජාලය හදුනා ගැනීමටත් ඊට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන ඒමටත් සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...