Sunday, April 18, 2021

බලාපොරොත්තු නොවුණ විදිහට රෝගය ව්‍යාප්ත වෙන්න පටන් අරන් කොළඹ අවදානම පිටට පැතිරිලා -GMOA

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කොවිඩ් 19 ගෝලීය ව්‍යාප්තිය සමඟ බලන විට ශ්‍රී ලංකාව තුළද අනතුරුදායක තත්ත්වය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

අද (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ මෙතෙක් කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයට කේන්ද්‍ර වී තිබුණු රෝග ව්‍යාප්තියේ පැතිරීමක් පෙන්නුම් කරමින් තිබෙන බවයි.

”අපිට පෙනෙන්න තිබෙන බරපතල තත්ත්වය තමයි අවදානම කේන්ද්‍ර ගතවෙලා තිබුණු තැනින් බැහැරට අවදානම යම් මට්ටමකට ගමන් කරමින් තිබෙනවාය කියන කාරණය. ඊයේ දවස වෙද්දී අපි දැක්කා මෙතරම් දවසක අපි අවදානම ගැන ලොකුවට කතා නොකරපු සමහර ප්‍රදේශ ගණනාවක යම් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා. දැන් මහනුවර මෙතරම් රෝගීන් ප්‍රමාණයක් එකපාර වාර්තා වෙයි කියල අපි හිතුවේ නැහැනේ. මෙතරම් රෝගීන් ප්‍රමාණයක්, කල්මුණේ, සමන්තුරේ, අක්කරෙයිපත්තුවේ වාර්තා වෙයි කියල සතියකට කලින් හිතුවේ නැහැනේ. රත්නපුරේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියල අපි හිතුවේ නැහැනේ. පුත්තලමේ වැඩ බිම් ආශ්‍රිතව මෙහෙම රෝගීන් වාර්තා වෙයි කියල අපි හිතුවේ නැහැනේ. ගාල්ලෙන් මේ වගේ රෝගීන් ප්‍රමාණයක් එකපාර වාර්තා වෙයි කියල අපි හිතුවේ නැහැනේ. ඒ නිසා පැහැදිලියි අපි හිතන්නේ නැති බලාපොරොත්තු වෙන්නේ නැති ආකාරයට තමයි රෝගය ව්‍යාප්ත වෙන්නේ.” 

ඒ අනුව නිවැරදි මොහොතේ නිවැරදි තීරණ ගනිමින් තත්ත්වය කළමනාකරණය කරගත යුතු අතර විශේෂයෙන් කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයේ තත්ත්වය කළමනාකරණය කිරීම තුළින් එතැනින් එහාට මෙය ව්‍යාප්තිය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවද අළුත්ගේ මහතා සඳහන් කරයි. 

මෙහිදී විශේෂයෙන් ජනතාවගේ සහය ඉතා වැදගත් අතර අවබෝධයෙන් මෙයට සහය දිය යුතු බවත් අවදානම නිසි ලෙස තක්සේරු කර එය නිවැරදිව ජනතාව වෙත සන්නිවේදනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...