Thursday, May 13, 2021

මේ වැඩේ හරියන්න නැහැ සමඟියයි එජාපෙයි එකතු වෙන්න ඕනේ – ජෝන් අමරතුංග

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස පාර්ශවය ඉදිරි කාලය තුළ එක් විය යුතුය යන ස්ථාවරයේ තමන්ද සිටින බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ලංකා නිවුස් වෙබ් සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා වටා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් දැන් ඒකරාශී වී සිටින බව පිළිගත යුතුව ඇති අතර තමන් නියෝජනය කරන්නේ ද එක්සත් ජාතික පාක්ෂිකයා වීම නිසා මෙම දෙපාර්ශවයටම යම්කිසි මොහොතක එක්විය හැකි බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

මේ වන විට දෙපාර්ශවය එක්වීම සම්බන්ධයෙන් එජාප ජාතික සංවිධායක හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ද යම් යම් ඉඟි ලබා දී ඇති අතර තමන් ද නවින් දිසානායක මහතාගේ ස්ථාවරය පිළිගන්නා බව ජෝන් අමරතුංග මහතා කියා සිටියේය. 

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඉතිහාස ගත අන්ත පරාජයක් ලැබූ අතර එයින් පාඩමක්  ඉගෙනගෙන අවස්ථාවට අනුකූලව දේශපාලන තීන්දු ගත යුතු බවත් විශේෂයෙන් පාක්ෂිකයන් සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. 

පාක්ෂිකයන්ගේ අපේක්ෂාව පරිදි ඉදිරි වසර තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද ස්ථිර ලෙසම වෙනස් වනු ඇති හෙයින් නව වැඩපිළිවෙලක් ඔස්සේ දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙන බව ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...