Thursday, April 22, 2021

මහර රිමාන්ඩ් සිරකරුවන් දොරවල් කඩාගෙන පැමිණ PCR පරීක්ෂණ ඉල්ලුවා – බ.කො. ( පාලන )

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් 1600ක පමණ පිරිසක් පසුගිය 29 වනදා දොරවල් කඩාගෙන පැමිණ PCR පරීක්ෂණ ඉල්ලා උද්ඝෝෂණය කළ බවත් නොසන්සුන්තාව ඇරඹුනේ ඒ ආකාරයෙන් බවත් බන්ධනාගාර කොමසාරිස් ( පාලන අංශය ) චන්දන ඒකනායක මහතා පවසයි. 

“රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් තමයි මෙම සිද්ධියට මුහුණ දුන්නේ. ආහාර ලබාදෙමින් සිටින අවස්ථාවක අංශ තුන තුළම එකතු වෙච්ච 1600ක පමණ සැකකරුවන් පිරිසක් ඔවුන්ගේ දොරවල් කඩාගෙන එළියට ඇවිල්ලා බන්ධනාගාරයේ ඉස්සරහ දොරටුව ඉදිරියේදී ඔවුන් එක් රැස් වුණා. උද්ඝෝෂණයක් හැටියට ඉල්ලා සිටියේ PCR පරීක්ෂණ කරන ලෙස

බන්ධනාගාර අධිකාරීතුමා ගිහිලා, ප්‍රධාන ජේලර් මහත්මයා, සහකාර අධිකාරීතුමා ඇතුළු මෙම කණ්ඩායමක් ගිහිල්ලා මේක ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් අධිකාරීතුමා ඇතුළු මෙම නිලධාරීන්ව වට කරගෙන තියෙනවා පහරදීමට. බන්ධනාගාර දොරටුවට මොවුන් ඔක්කොම එක් රැස් වෙලා මොවුන් උත්සාහ කළා පැනයාමට. ගල් ප්‍රහාර, පොලු ප්‍රහාර එල්ල කරමින් බන්ධනාගාර දොරටුව ආක්‍රමණය කරලා බන්ධනාගාර දොරටුවෙන් පැනයාමට උත්සාහ කළා. රබර් උණ්ඩවලින් වෙඩි තියන්න සිද්ධ වුනා මොවුන්ට. එහෙමත් පාලනය කරන්න බැරිව මේ 1600ක පිරිස කෙළින්ම දොරටුව ආක්‍රමණය කරලා කෙළින්ම ඉදිරියට ආවා. ඒ අවස්ථාවෙදි යම් බලයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. 

බන්ධනාගාර රෝහලේ තියෙනවා ඩිස්පෙන්සරියක්, එහි තිබෙනවා බෙහෙත් ගබඩාවක්. මේ බෙහෙත් ගබඩාවෙ මානසික රෝග සඳහා භාවිතා කරන බෙහෙත් සෑහෙන ප්‍රමාණයක් තිබුණා. සියලුම පෙති මොවුන් ඇරගෙන පානය කරලා තියෙනවා. පානය කළායින් පස්සෙ මොවුන්ගෙ හැසිරීම ප්‍රචණ්ඩකාරී වුණා. ඉතාම දැඩි ප්‍රචණ්ඩකාරීබවක් ඔවුන් ඇති කරගත්තා. ඔවුනොවුන් මරාගත්තා. ඔවුනොවුන් ගහගත්තා, කපාගත්තා. මොවුන් බන්ධනාගාර ප්‍රධාන ගොඩනැගිල්ලට, කුස්සියට, ගබඩාවට, රෝහලට ඇතුළු මෙම ස්ථාන ඔක්කොටම ගිනිතිබ්බා. 

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ව ඔවුන් තියාගත්තා ඔවුන්ගෙ ප්‍රාණ ඇපකාරයෝ හැටියට. එක් නිලධාරියෙකුට ඉතාම දැඩි ලෙස පහර දුන්නා. ඔවුන් 30 වෙනිදා රාත්‍රියෙත් උත්සාහ කළා බිත්තිය හාරන්න, පැනයාමට තමයි ඔවුන්ගෙ උත්සාහය තිබ්බේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

බන්ධනාගාර කොමසාරිස් ( පාලන අංශය ) චන්දන ඒකනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දිනයේදී පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමිනි. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...