Wednesday, July 28, 2021

ප්‍රියත් අද රෑ රිචඩ් හා ගැමුණු හමුවීමට නියමිත ය !!

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලන්ඩන් හේමන්තයේ පළමු දිනය අදයි. 

සරේ සුසාන භූමියේ ආදාහනාගාරය දක්වා දිවෙන දිගු මාවත දෙපස උස් තුරු පෙළ වසන්තය හා ගිම්හානය පුරා හැඳ සිටි තුරු පත් බිම දමා ශෝකී ව බිම බලා හිඳී. 

ශෝකාකූල තුරු මැදින් සෙමෙන් ඇදී යන ප්‍රියත් රැගත් අවමංගල රථය අප ආදරණීය සගයා ප්‍රියත් ධර්මපාල ලියනගේ ව සිය ගමනාන්තය දක්වා රැගෙන යමින් සිටී. 

‘‘අපි ඔහු සොහොන් බිමට ඇරලූයෙමු. තමබොචි සුසානයට, ම පියාණන් ගේ වළ ගාවට. මේ වර සියළු දෙන ම ආ හ. හිදෙජි සං හා මොමොකොත්, කිමිකො චං හා වියෙකොත්. කුඩා යුකිකො චං පවා.
දෙවෙන්දොරා සං ඇරලන්ට සියලු දෙන ම ආහ.‘‘

‘මළවුන්ගේ අවුරුදු දා‘ විශිෂ්ට ගද්‍ය කාව්‍යයේ එදිරිවීර සරච්චන්ද්‍රයන් චිත්‍රණය කළ ආකාරයටම ජපානයේ තමබොචි සුසානයට නොව මෙවර දකුණු දිග ලන්ඩනයේ සරේ සුසාන භූමිය වෙත ප්‍රියත් ව ඇරලීම සඳහා දුලාමනී සමග ප්‍රියාන් හා දුලාන් ද විය. ලොකු පුතු ගයාන් සැතපුම් පන්දහසක් පමණ එපිටින් ඇමරිකාවේ සිට සිය මල්ලිලා දෙන්නා හා අම්මා, තාත්තාව ඇරලවන ආකාරය නව තාක්ෂණය ඔස්සේ බලා සිටින්නට ඇත. 

කැනඩාවේ මෙන්ම ලංකාවේ සිට ප්‍රියත්ගේ සහෝදර සහෝදරියන් එදෙස කඳුළු පිරි නෙතින් බැලූ බව නොඅනුමාන ය. 

මීට වසර 30 කට පෙර එනම් 1990 දී, සිය පියාගේ අවමඟුලට සහභාගී වීමට ප්‍රියත් නොකරන ලද උත්සාහයක් නැත. 

එහෙත් ප්‍රියත්ගේ අයියා, වෛද්‍ය අනිල් ලියනගේ තිර හඬින් දුලාමනී ට පවසා සිටියේ ‘‘මට මිනී දෙකකට කර ගහන්න බෑ. කරුණාකරලා ප්‍රියත් ව එවන්න එපා.‘‘

එකල තාත්තාගේ නික්ම යාම පරිගණකය ඔස්සේ නව තාක්ෂණය හරහා ප්‍රියත් ට නැරඹීමට නොහැකි වූයේ අද තරම් ලෝකය දියුණු වී නොතිබුණු හෙයිනි. 

ප්‍රියත් ට එසේ සීමා මායිම් තහංචි බන්ධන ස්වකීය සහෝදරයා විසින් පනවන ලද්දේ ඒ වන විට ප්‍රියත්  මුහුණ පා සිටි ජීවිත අවදානම හොඳාකාරව ම ඔහු දැන සිටි නිසා ය.   

එම වසරේ, එනම් 1990 පෙබරවාරි 18 දින පැහැර ගෙන ගොස් මරා ගැඹුරු මුහුදේ ගිල්ලවුවද ඊළඟ දිනයේ මොරටුව කොරළවැල්ල වෙරළට ගසා ගෙන ආ අභීත මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා, ප්‍රියත්ගේ කුළුපගයෙක් විය. 

ඊට ආසන්න වසර, එනම් 1989 දෙසැම්බර් මස 10 වන දින පැහැර ගෙන ගොස් මරා දැමූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ එවක කැඳවුම්කරු ගැමුණු යසස් සෙනෙවිරත්න නොහොත් ගයාන් බීබීසීයට දිනපතා තොරතුරු සැපයූයේ ප්‍රියත් වෙතට ය. 

රිචඩ් හා ගැමුණු එක් කළ හුය ප්‍රියත් ඩී. ලියනගේ ය. 

ඔවුන් දෙදෙනාගේම නික්ම යාමෙන් පසු ප්‍රියත් හා දුලාමනී විවාහ ගිවිස ගැනීම සඳහා ලංකාවට පැමිණෙන්නේ 1990 බක් මාසයේදී ය. 

ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපොළින් නික්මුණු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වන විට සිය මිතුරන් දෙදෙනා සිහි වූ ප්‍රියත්, ඉකි ගසමින් හැඬූ හැටි දුලාමනී අද පවා සිහිපත් කරන්නේ මහත් වූ සංවේගයෙනි. 

වසර 30 ක ඇවෑමෙන් ප්‍රියත් සිය හිතමිතුරන් දෙදෙනා වන රිචඩ් සොයිසා සහ ගැමුණු යසස් සෙනෙවිරත්න අද රාත්‍රියේ හමුවීමට නියමිත ය. 

‘‘යථාවාරී වහාපූරා  – පරිපූරෙන්තු සාදරං
ඒව මේව ඉථෝදින්නං – තේසානං උපකප්පති‘‘

වෙන්වීමේ ගාථාව වෙනුවට සරේ සුසාන භූමියේ අද හඬ නැගුණේ ජෝන් ලෙනන්ගේ ‘Imagine‘ ගීතයයි. ප්‍රියත් යනු වෙනස්ම මිනිහෙකු බවට සනාථ කිරීමට මීට වඩා වෙනත් උදාහරණ කවරේද?

‘‘එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකි ව, එතැනින් මෙතැනින් එල්ලෙන පත්ඉරුවලින් හැඩි වූ, මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.                                                                                                                             –  (මළගිය ඇත්තෝ – පළවෙනි පිටුව)

ප්‍රියත් වසර 60 ක දුක් විඳි කාලය අවසන් කරමින් නික්මුණ ද අප තවදුරටත් මරණය අප වෙත පැමිණෙන තෙක් දුක් විඳිමින් ජීවත් වන්නවුන් වෙමු. 

උපුටා ගන්නා ලදී.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...