Thursday, April 22, 2021

සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන්න, පාසල් සිසුවියන්ගෙන් ආරම්භ කරන්න – සජිත් යළි ඉල්ලයි

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

මෙරට කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන ලෙසත් එය නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාසල් සිසුවියන් වෙතින් ආරම්භ කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. 

ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අමතමින් ඒ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් මෙම ඉල්ලීම කළේය. 

තමන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම යෝජනාව ඉදිරිපත් කළ විට වත්මන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් එය දැඩි ලෙස අපහාසයට සහ උපහාසයට ලක් කළ බවත් සිහිපත් කළ ඒ මහතා දැන් මැතිවරණ අවසන් වී ඇති නිසා මේ පිළිබඳ වඩාත් ගැඹුරින් සලකා බලා කටයුතු කරන ලෙසත් රටේ ජනගහණයෙන් 52%ක ප්‍රතිශතයක් වන කාන්තා පරපුර වෙනුවෙන් මෙම යෝජනාව ක්‍රියාත්මක කර එහි සම්පූර්ණ ගෞරවය ආණ්ඩුවට සහ සෞඛ්‍ය ඇමතිවරියට ලබාගන්නා ලෙසත් යෝජනා කළේය. 

ස්කොට්ලන්තයේ මොනිකා ලෙලන් නම් මන්ත්‍රීවරිය සනීපාරක්ෂක උපකරණ නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැඩසටහන අද එරට තුළ නීතිගත වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ අධ්‍යනය සඳහා එය යොමු කරමින් සභාගත කළේය. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...