
ජාතික එච්අයිවී නිවාරණ වැඩපිළිවෙල තුළ 2025 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කිරීමේ ජාතික මෙහෙවර සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙසැම්බර් 01 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කර තිබේ.
මෙරටින් ඒඩ්ස් තුරන් කිරීමේ වගකීම රජය පමණක් නොව මුලු මහත් මානව ප්‍රජාවගේ ම වගකීමක් බව ඒ මහතා පෙන්වා දෙයි.
එම වගකීම ඉටුකිරීමට සැවොව අවිවාදාත්මකව බැඳී සිටිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
දෙසැම්බර් 01 වන දින සමරනු ලබන ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ පණිවිඩය පහත දැක්වේ.
