Sunday, April 18, 2021

ඇමරිකාව: කාන්තාරයෙන් හමුවූ “අමුතු” ලෝහ කණුව

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

ඇමරිකාවේ යුටා කාන්තාරයට ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලයට අමුතු ලෝහ කණුවක් නිරීක්ෂණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අදාළ පළාත් පාලන ආයතන කැලඹී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනපදයේ යුටා ප්‍රාන්තයේ ගිනිකොන දෙසින් පිහිටි දුර බැහැර ප්‍රදේශයක ගුවනේ පියාසර කරමින් බැටළුවන් ගණන් කිරීමේ යෙදුණු වනජීවී නිලධාරීන් මෙම “අසාමාන්‍ය” වස්තුව දැක තිබේ.

ඔවුන් කියා සිටියේ මෙම වස්තුව රතු පාෂාණ අතර පිහිටි භූමියේ සිටුවා ඇති බවය.

අඩි 10 සිට 12 දක්වා පමණ වූ උසින් යුත් මෙම කණුව එම ස්ථානයේ සිටවූයේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත.

දේශීය පුවත් නාලිකාවක් වන KSLTV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙලිකොප්ටර් නියමුවා බ්‍රෙට් හචින්ස් පැවසුවේ “මම පියාසර කළ අවුරුදු ගණනාව පුරාම මේ තැන දැකපු අමුතුම දේ මෙයයි,” යනුවෙනි.

හෙලිකොප්ටරයේ සිට විශාල අං සහිත බැටළුවන් ගණන් කරමින් සිටි ජීව විද්‍යාඥයෙකු පළමුවෙන්ම මෙම වස්තුව දුටු බව බ්‍රෙට් හචින්ස් පැවසුවේය.

ආ, ආ, ආ, හැරෙන්න, හැරෙන්න! කියා ඔහු කෑ ගැසීමත් සමග, මම ‘ඇයි?’ කියා ඇසුවා. එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ යම් දෙයක් එතන තියෙනවා අපි ඒක බලන්න යන්න ඕන කියලා,” බ්‍රෙට් හචින්ස් පැවසීය.

බ්‍රෙට් හචින්ස් අනුමාන කරන්නේ මෙම කණුව ස්ථාපනය කරනු ලැබ ඇත්තේ “කිසියම් නව කලාකරුවන්ගේ රැල්ලකට” අනුව හෝ ස්ටැන්ලි කුබ්රික් 1968 දී අධ්‍යක්ෂණය කළ 2001: අ ස්පේස් ඔඩිසි (2001: A Space Odyssey) චිත්‍රපටයේ රසිකයෙකු විසින් බවය.

ආතර් සී ක්ලාක්ගේ නවකතා රචනයේ එන පරිදි, නොපෙනෙන පිටසක්වල ජීවියෙකු විසින් නිර්මාණය කරන ලද කළු කණු පිළිබඳ එම චිත්‍රපටය තුළ දැක ගත හැකිය.

මෙම කණුව ස්ථාපනය කිරීමේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත.

පිළිතුරු සොයමින් සිටින යුටා හි අධිවේගී මුර සංචාර අංශය මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල සටහනක් පළ කර තිබිණි. “විමසීම් සිදු කරන මනස් දැන ගැනීමට කැමතියි, මේ කුමක්ද කියලා? කවුරුන් හෝ දන්නවා ද?,” ඔවුන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබිණි.

බොහෝ නිරීක්ෂකයින් උපකල්පනය කර ඇත්තේ එය මූර්ති ශිල්පියෙකු ඉතිරි කරන ලද කණුවක් ලෙසිනි. සමහරු එය කලාකරුවෙකු වන මියගිය ජෝන් මැක්‍රැකන්ගේ කෘතියට සමාන බව පවසති.

උපුටා ගන්නා ලදී.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...