Thursday, May 13, 2021

රැපිඩ් ඇන්ටිජන් ප්‍රශ්නය : දිලිත් ජයවීර සිරසට එරෙහිව උසාවි යයි. වාරණ නියෝගයකුත් ගනී

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කොරෝනා පරීක්ෂණය සඳහා යොදාගැනීමට නියමිත රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම පිළිබඳව ජෝජ් ස්ටුවර්ට් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට කිසිදු ආකාරයකින් අපහාස වන පුවත් පළකිරීම සිරස සහ එම්.ටී.වී. යන මාධ්‍ය ආයතන දෙකට තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (23) වාරණ නියෝගයක් නිකුත් කළේය. 

ඒ, ඉහත කී රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමේ සිදුවීම පිළිබඳව පසුගිය නොවැම්බර් 11,13,16 සහ 19 යන දිනවල සිරස සහ එම්.ටී.වී. මාධ්‍ය ආයතන විසින් තමන්ට අපහාසාත්මක පුවත් පළකළ බවට දිලිත් ජයවීර මහතාට අයත් ජෝජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් ගොනු කළ නඩුවක් සලකා බැලූ අවස්ථාවේදීය.

එම අපහාසයට වන්දි වශයෙන් රුපියල් කෝටි 200ක මුදලක් වග උත්තරකාර පාර්ශ්වයෙන් අයකර දෙන ලෙස පැමිණිලිකාර දිලිත් ජයවීර මහතාට අයත් සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි. 

පැමිණිල්ල එහිදී අධිකරණයට කරුණු දක්වා තිබුණේ දිලිත් ජයවීර මහතාට අයත් දෙරණ මාධ්‍ය ජාලය සහ රාජා මහේන්ද්‍රන් මහතාට අයත් සිරස මාධ්‍ය ජාලය අතර දිගු කලක සිට පවතින ව්‍යාපාරික තරගකාරීත්වය නිසා මෙසේ ඔවුන් තමන්ට එරෙහිව ද්වේෂසහගත ලෙස පුවත් පළකර ඇති බවකි

කෙසේවෙතත් මෙරට ප්‍රධානතම මාධ්‍ය ආයතන දෙකක් මෙසේ අධිකරණය හමුවේ කෙහෙවළු පටළාගැනීමට යාම මාධ්‍ය නිදහස පිළිබඳව මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ද වෙනමම තලයක ගැටළු මතු කරයි. 

අනෙක් අතට රටේ දැවෙන ප්‍රශ්නයකට අදාළ ව්‍යාපාරික හෝ වෙනත් ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති අතර මෙසේ ප්‍රශ්න මතුවන වාරයක් පාසා එක් අයෙකු හෝ වෙනත් අයෙකු අධිකරණයෙන් වාරණ ගැනීමේ ප්‍රවණතාවක් මතුවුවහොත් ඔය කී මාධ්‍ය ආයතන දෙකටම වාර්තා කිරීමට යමක් ඉතුරු වන්නේ නැත.

විශේෂයෙන් මහජනතාවට අයත් සංඛ්‍යාත තමනුත් භාවිතා කරන අතරම එයම සිදුකරන තවත් පාර්ශ්වයක් සම්බන්ධයෙන්, පුද්ගලික නොවන ප්‍රශ්නයකදී ගනුදෙනු මේ ආකාරයෙන් පියවා ගැනීමට තැත්කිරීම කිසිසේත්ම නොයා යුතු දුරක් බව අපගේ හැඟීමයි. 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...