Thursday, April 22, 2021

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

අඩුපාඩු රැසක් සමග දැඩි අපහසුතා මැද පවත්වාගෙන ගිය පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) විවෘත කෙරුණි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතය.

මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුව නගරයේ ස්ථාපිත වී ඇත්තේ 80 දශකයේදීය.

පිටකොටුවේ ක්‍රමයෙන් වැඩිවූ ජනගහනය, සංකීර්ණ වූ රථ වාහන ගමනාගමනය සමග පසු කාලීනව මැනිං වෙළෙඳපොළ නිසා ඇති වූයේ  සංකීර්ණ තත්ත්වයකි.

මෙම ගැටලු අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැලසුම් කෙරුණේ 2011 වසරේදීය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ කාලයේ ක්‍රියාවට නැංවූ මෙරට නගර තිරසර හා දැකුම්කලු නගර බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනට අනුවය.

ඒ අනුව, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආසන්නව මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් ඇරඹුණේ 2013දීය.

ඊට වැය වූ මුදල රුපියල් බිලියන 6.9කි. 

පිටකොටුවේ අක්කර 2ක කුඩා බිමක දැඩි තදබදයක් මැද පවත්වාගෙන ගිය මැනිං වෙළෙඳ සංකීර්ණයේ නව භූමිය අක්කර 13.5 ක විශාලත්වයෙන් යුක්තය.

මහල් හතරකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය, වාහන 600ක් පමණ නැවැත්විය හැකි රථ ගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධි ශීතකාමර, සාප්පු සංකීර්ණ, පොදු වැසිකිළි, ‍හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

මෙහි තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා වෙළෙදසැල් 1192 ක් ද ඉදිකර තිබේ.

ඉදිකිරීම් සිදුකෙරුණේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා වන මධ්‍යම උපදේශන ආයතනයේ අධීක්ෂණය යටතේය.

විවෘත කිරීමේ උත්සවයේ දී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මෙය ජනතා අයිතියට පත්වී බොහෝ කල්ගත වී ඇති බවත් කියන්න ඕනේ. ඒක හොඳයි. නැත්තන් අපිට ඇවිල්ලා විවෘත කරන්න බෑනේ. හැමදාම කරන්නේ අපි හදපුවා ඒ අය විවෘත කරනවා. අපි ආරම්භ කරපු හැමදෙයක්ම ඔවුන් අඩපණ කළා. පළිගත්තා. එතකොට ඔවුන් පළිගත්තේ අපෙන් ද? රටෙන් ද? කියලා දැන් ඔබට වැටහෙනවා. මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළා. හැමදේකින්ම පළිගත්තා. ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට අද නිදොස් කර නිදහස්. ඔවුන් රාජ්‍ය සේවයේ හොඳ නිලධාරීන්. ඔවුන් කරපු සේවය අගයනවා වෙනුවට ඔවුන්ව සිරබත් කෑවෙව්වා. අධිකරණ පද්ධතියේ තියෙන ස්වාධීනත්වය ඊයේ ඔප්පු වුණා. රජයේ සේවකයෝ බය වෙලා හිටියේ. වැඩක් කරන්න. තීන්දුවක් ගත්තාහම දෙපාරක් හිතන්න ඕනේ මේක කරනවා ද නැද්ද කියලා. අපි මාළු, එළවළු තොග වෙළෙඳාම් පමණක් නෙමෙයි. පිටකොටුවේ පවත්වාගෙන ගිය වියළි ආහාර සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග ද ඉදිරියේ දි පෑලියගොඩට ගේන්න බලාපොරොත්තු වෙනවා.“

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...