
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අමෙරිකාවේ මිචිගන් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවල සංචරණ කටයුතු සීමාකිරිම සදහා බලධාරින් විසින් නව කොන්දේසි කිහිපයක් හඳුන්වාදී තිබේ.
එම ප්‍රදේශවල දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන දෙගුණයකින් ඉහළයාම සැලකිල්ලට ගනිමින් ඔවුන් විසින් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
වර්තමානය වනවිට අමෙරිකාවේ දෛනිකව කොවිඩ් ආසාදිතයින් 900 දෙනෙකු පමණ මියයන අතර සමස්ථ මරණ ගණන 251,000 ඉක්මවා ගොස් තිබේ.
වෛරස ව්‍යාප්තිය පාලනයකිරිම සදහා කැලිෆෝනියා, නිව්යෝර්ක්, ඔහායෝ ඇතුළු ප්‍රාන්ත රැසක්ම සංචරණ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.