Wednesday, April 21, 2021

කොවිඩ් ආසාදිතව මියයන අයගේ දේහ ගැන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද ?

Must read

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහ සම්බන්ධයෙන් රජයේ අදහස කුමක්දැයි රටට සෘජුව ප්‍රකාශකරන ලෙස පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

නිවේදනයක් නිකුත්කරමින් උන්වහන්සේ එම ඉල්ලීම සිදුකර තිබේ.

උපුටාගැනීම

“මෙතෙක් අනුගමනය කළ පොදු නීතියෙන් බැහැර වී, ඉස්ලාමීය මළ සිරුරු භූමදානය කිරීමට අවසර දී ඇතැයි යන ආරංචියත්, එය සනාථ කරමින් ප්‍රබල කැබිනට් ඇමතිවරයකු විසින් කළ ප්‍රකාශය නිසාත් අපි තරමක කනස්සල්ලකට පත්ව සිටිමු. සතරදිගින් පැනනැගි විරෝධය හමුවේ හකුළාගත් එම තීන්දුව අද නැතත්, තවත් මාස දෙකකින් හෝ නැවත ක්‍රියාවට නැංවීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි අවධාරණය කර සිටිමි. ඒ, රුවන්වැලි මහ සෑ මළුවේ, දුටුගැමුණු පිළිරුව අභියසදී ජනාධිපතිතුමන් විසින් පිළිබිඹු කළ අභිමානනීය ප්‍රතිරූපය කෙළෙසාගැනීමක් වන අතර, 69 ලක්ෂයකට අධික සිංහල බෞද්ධ බහුතර ජනතාවක් විසින් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය, විද්‍යාත්මක නොවූ කරුණක් නිසා අබමල් රේණුවකින් හෝ පළුදු වනු දැකීම අපගේ කැමැත්ත නොවන බැවිනි. ඔබතුමන් ඉල්ලූ පරිදි අති බහුතර බලයකින් විධායක බලයද, 2/3 බහුතර බලයකින් ව්‍යවස්ථාදායකයද ලබාදුන් ජනතාව විසින් තම ප්‍රාර්ථනා පූර්ණය කරන අධිකරණයක් සකසා ගනීවි යැයි බලාපොරොත්තු වුව ද එවැන්නක් සිදුවූයේ නැතැයිද බොහෝදෙනකු දරන මතයක් වී තිබේ. එබැවින් තවමත් මේ රටේ සිංහල බෞද්ධ බහුතරය බලාපොරොත්තු තබා ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අන්තවාදී බලවේගයන්ගේ අතාර්ථික හා අවිද්‍යාත්මක ඉල්ලීම් වලට සවන් දී තීන්දු ගැනීමට කැබිනට් මණ්ඩලයට ඉඩ නොදිය යුතු බවත්, එසේ කළහොත් සිංහල බෞද්ධ බහුතරය මෙන්ම හින්දු හා කතෝලික භක්තිකයන් ද තම තමන්ගේ සංස්කෘතික අයිතීන් ඉල්ලා පාරට බැසීමට ඇති ඉඩකඩ ඇහිරීමට දුරදක්නා නුවණින් කටයුතු කරන ලෙසය. රජයේ අදහස මේ යැයි ඔබතුමන් විසින් සෘජුව ප්‍රකාශ කරන්නේ නම්, මැතිඇමතිවරුන් විසින් අත්තනෝමතිකව කරන මත ප්‍රකාශ නිසා රටම අවුල්වීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත. එක රටක් එක නීතියක් මෙන්ම එක රජෙකුගේ සෘජු පාලනයක් ජනතා අපේක්ෂාව බව අවධාරණය කර සිටීමට කැමැත්තෙමි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්ථවිර

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර...