
හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
එම නිලධාරින්ගේ පී.සී.ආර් පරීක්ෂණ ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
හිනිදුම පොලිසිය මගින් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් පසු එම පියවර ගෙන තිබේ.
මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 172 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
මේ අතර හෙට (14) දිනයේදී දැනට හුදකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒ පිළිබඳ ව තීරණයක් ගන්නා බවත් ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ “දෙරණ අරුණ“ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.