
විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමකට අනුව අද දිනයේදීත් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එහිදි විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
අද උදෑසන 10.00ට සුපුරුදු පරිදි කථානායක මහහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.
මේ අතර 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම පාර්ලිමේන්තුව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.
ඊයේ (12) දිනය පුරා දෙවන වර කියවීමේ විවාදය පැවති අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවත්වීමට නියමිතව තිබුණි.
එහෙත් මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ.
කෙසේවෙතත් සමගි ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය විරෝධතාව සටහන් කරගන්නා ලෙස කථානායකනවරයාට දැනුම්දුන්නේය.
විසර්ජන පනත් කෙටුම්පත ඊයේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.