Wednesday, July 28, 2021

කොළඹ වරාය නගරය රුපියල් මිලියන හතරකට අධික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් මෙම මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය. ආර්ථික සංවර්ධන සහ දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් කරන ලද ඉල්ලීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජයට තවත් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන පී සී ආර් පරීක්ෂණ කට්ටල ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා වරාය නගර ව්‍යාපෘති සමාගමෙන් සිදු කරනු ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ එම ඉල්ලීම ද හැකි උපරිම ඉක්මනින් ඉටු කර දීමට උත්සාහ දරණ බවයි.

ශ්‍රී ලංකාවේ COVID-19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග වරාය නගර ව්‍යාපෘතිය විසින් තවත් පරිත්‍යාගයන් කිහිපයක්ම සිදු කරන ලදී . ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මුඛ ආවරණ දස දහසක් පරිත්‍යාග කිරීම සහ ශ්‍රී ලංකා රේගුවට මුඛ ආවරණ දෙදහසක් පරිත්‍යාග කිරීම ද මීට ඇතුළත්ය. එම පරිත්‍යාගයන් සහ අද දින සිදුකරන ලද පරිත්‍යාගයන් ගේ සම්පූර්ණ එකතුව රුපියල් මිලියන හතර ඉක්මවයි. මීට පෙර අප්‍රේල් මාසයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන හයක් වටිනා ආධාරයන් කොළඹ මැනිං වෙළඳසැල සංකීර්ණයට, ශ්‍රී ලංකා පොලිසියට, කළුතර නාගොඩ රෝහලට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග මුඛ ආවරණ වලට වැඩි ඉල්ලුමක් හටගැනීමත් සමග මේ රට තුල මුඛ ආවරණය හිඟයක් ඇති විය. එය හඳුනාගත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම මෙම පරිත්‍යාගයන් සිදු කිරීමට ඉදිරිපත් විය. මෙම අර්බුදය පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට කෙරෙන සහයෝගයක් වශයෙන් වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අවස්ථාවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ස්වකීය ආරක්ෂා සහ සමාජ දුරස්ථභාව අනුගමනය කරමින් වගකීම් සහගතව කටයුතු කරන ලෙසයි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...