
චයිනා හා(ර්)බර් ඉන්ජිනියරින් සමාගම මගින් කොළඹ 13 ප්‍රදේශයේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියක සේවයේ නියුතු චීන ජාතිකයින් සිව් දෙනෙක් සහ මෙරට සේවකයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් නවාතැන් ගෙන තිබුණේ කොළඹ වරාය නගර ඉදිකිරීම් භූමියේ පිහිටා ඇති තාවකාලික ගොඩනැගිල්ලක ය.
එම ආයතනයේ සියලු සේවකයින් PCR පරීක්ෂණ සඳහා ලක් කළ අවස්ථාවේදී එම ආසාදිතයින් හමුවී තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් කොළඹ පොර්ට් සිටි ය පැවසුවේ එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටින්නේ කොළඹ 13 ව්‍යාපෘතියේ සේවකයින් පමණක් බවත් ඔවුන් සහ කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතියේ සේවකයින් එකට මුසු නොවන බවය.
එම ආසාදිතයින් හඳුනාගැනීමෙන් පසු නවාතැන පිහිටා ඇති ගොඩනැගිල්ල හුදකලා කළ බවත් එම ස්ථානයට දැඩි සංචරණ සීමා පනවා ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
එසේම එම පෙදෙස විෂබීජහරණයට ලක්කර තිබේ.
කොළඹ පොර්ට් සිටි ප්‍රධාන ව්‍යාපෘතියේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද එම සමාගම පවසයි.