Thursday, April 22, 2021

මිලියන 50 ක නිෂ්පාදන අලෙවි ඉලක්කයට ළඟා වූ වේගවත් ම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයවන realme මෙරට වෙළඳපොළට

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ලොව ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය මෙන්ම, නිෂ්පාදන අලෙවියේ මිලියන 50 ක ඉලක්කයට ළඟා වූ වේගවත් ම ජංගම දුරකථන සන්නාමය ද වන realme, ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙන බවට පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය.

realme සන්නාමයේ ජාත්‍යන්තර කණ්ඩායම සහ එහි සන්නාම අගනාකම් realme සමාගමේ ශීඝ්‍ර වර්ධනයට ප්‍රධානත ම හේතුවයි. ලොව පුරා තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය realme උපාංග, වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ගෝලීය වෙළෙඳපොළ 61 ක ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට ගෝලීය වෙළෙඳපොළ 13 ක ප්‍රමුඛත ම ජංගම දුරකථන සන්නාම 5 අතර රැඳෙන්නට ද සමත්ව සිටී. ගෝලීය වශයෙන් මේවන විට හත්වන ස්ථානයේ රැඳෙන realme සන්නාමය ගෝලීයකරණ මාවතේ අඛණ්ඩව ඉදිරියට ගමන්කරමින් සිටී. පාරිභෝගික අවශ්‍යතා ඉක්මවූ නිෂ්පාදන රැසක් පිරිනමමින් මීළඟ පියවර ලෙස එම සමාගම ශ්‍රී ලාංකේය වෙළඳපොළට පිවිසීමට නියමිතය.

තාරුණ්‍යය සහ ජංගම දුරකථන ප්‍රවණතා ඉලක්කකර ගත් තාක්ෂණික සමාගමක් ලෙස realme, Counterpoint ආයතනයේ 2020 වසරේ තුන්වන කාර්තුවේ ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රවාහන වාර්තාව අනුව ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියේ මිලියන 50 ක ඉලක්කය වෙත ළඟා වූ වේගවත් ම සන්නාමය ලෙස realme සඳහන් කර ඇත. තාරුණ්‍යයේ ජවය සහ තරුණ වෘත්තිකයන් ඉලක්කකර ගනිමින් නිෂ්පාදන නිකුත්කරන එම සමාගම මෙම ඉලක්කය වෙත ළඟා වූයේ කාර්තු නවයක් වැනි ඉතා කෙටි කාලයකින් වීම විශේෂත්වයකි. මෙම කඩයිමට අමතරව realme සන්නාමය මිලියන 14.8 ක ඉතිහාසගත කාර්තු ප්‍රවාහනයක් වාර්තා කළ අතර තුන්වන කාර්තුව සඳහා 132% ක කාර්තුවෙන් කාර්තුව වර්ධනයක් පෙන්නුම් කරමින් තුන්වන කාර්තුව තුළ වේගවත් ම වර්ධනයට හිමිකම් කියන සන්නාමය බවට පත්විය.

Counterpoint ආයතනයට අනුව “ලොව නියම මෙවලම් නිෂ්පාදකයන් අතර ශක්තිමත් වර්ධන තත්ත්වයක්” realme සමාගමේ නිෂ්පාදන ප්‍රවාහන ධාරිතාව හරහා නිරූපණය වේ. ලොව පුරා විවිධ සංස්කෘති සහ කලාපවල තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්වීම, realme සමාගමේ ශීඝ්‍ර මිලියන 50 ක අලෙවි ඉලක්කයට ප්‍රධාන වශයෙන් හේතු විය. “realme සමාගම ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පිලිපීනය ඇතුළු වෙනත් අග්නිදිග ආසියානු ප්‍රමුඛත ම වෙළෙඳපොළ තුළ ඉහළ ම සමාගම පහ හෝ තුන අතර රැඳෙන්නට සමත්ව සිටිනවා,” යනුවෙන් Counterpoint ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක අභිලාෂ් කුමාර් මහතා සඳහන් කළේය.

‘Dare to Leap’ තේමාව ඔස්සේ සිය මෙහෙයුම් කටයුතු සිදුකරන realme සමාගම, තාරුණ්‍යයේ ප්‍රවණතාවලට අනුව නිර්මාණය කරන ලද විශිෂ්ට කාර්යසාධානයකින් යුතු මෙවලම් ආකර්ෂණීය සහ දැරිය හැකි මිලකට තරුණ ප්‍රජාවට ලබාදීමේ ක්‍රමෝපාය දියත් කරයි. “දැරිය හැකි මිලකට උසස් ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිරිනැමීමත්, විවිධ රටවල දියත් කර ඇති පහසු ඩිජිටල් සාප්පු පහසුකම සහ ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවත් හේතුවෙන්, වසංගත තත්ත්වය තුළ වඩාත් නොසැලුණු සන්නාමය බවට realme පත්වුණා,” යනුවෙන් පර්යේෂණ විශ්ලේෂක අභිලාෂ් කුමාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“නවෝත්පාදනය, උපාංග සැකසුම් සහ නිෂ්පාදන අගය යන අංශවල පෙරමුණ ගැනීමේ ක්‍රමෝපාය අප අඛණ්ඩව දියත් කරනවා. ඒ හරහා තරුණ ප්‍රජාව හඳුනා ගැනීමට අපට හැකි වී තිබෙනවා,” යනුවෙන් realme සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්කයි ලී මහතා අදහස් පළ කළේය. realme යනු අනෙකුත් සන්නාම සමග සැසඳීමේදී සාපේක්ෂව තවමත් අලුත් සන්නාමයක් වුව ද, realme Design Studio හරහා ලොව කීර්තිමත් නිෂ්පාදන සැකසුම් නිර්මාණකරුවන් සමග අත්වැල් බැඳගනිමින් මේවන විට ද ප්‍රමුඛත ම ජාත්‍යන්තර සැකසුම් සම්මාන පහක් හිමිකර ගැනීමට එම සමාගම සමත්ව සිටී. තාක්ෂණික නවෝත්පාදනයේ ද පෙරමුණ ගෙන සිටින realme, ජංගම දුරකථනයකට Snapdragon 865/765G ප්‍රොසෙසරයක් සහ 64 MP කැමරාවක් හඳුන්වා දෙන ලද පුරෝගාමී සමාගමකි. නවෝත්පාදනය සඳහා විවෘත ක්‍රමවේදයක් අනුගමනය කරන නිසාම තරුණ පාරිභෝගික පදනම වෙනුවෙන් 5G තාක්ෂණයෙන් සවිබල ගන්වන ලද ස්මාර්ට් ජංගම දුරකථන කඩිනමින් හඳුන්වා දීමට ද realme සමාගමට හැකිවී ඇත.

ශීඝ්‍රයෙන් ඩිජිටල් තාක්ෂණය සමග බද්ධ වූ තරුණ ප්‍රජාවගේ ජීවන ශෛලියට ඔබින පරිදි කෘත්‍රිම බුද්ධිමය (AI) තාක්ෂණයෙන් බලගැන්වුණු ස්මාර්ට් ඕඩියෝ, විෂුවල් සහ ජීවන ශෛලීය නිෂ්පාදන සහ සේවා රැසක් හඳුන්වා දීමට realme සමාගම කටයුතු කර ඇත. එම නිෂ්පාදන ද ශීඝ්‍රයෙන් පාරිභෝගික ආකර්ෂණය හිමිකර ගත් අතර, ඉන්දියාවේ ස්මාර්ට් ඕඩියෝ මෙවලම් මිලියනයකට අධික සංඛ්‍යාවක් අලෙවි කරමින් 2020 දෙවන කාර්තුවේ වෙළෙඳපොළ හිමිකාරිත්වයේ පළමු තැන හිමිකර ගැනීමට ද එම සමාගම සමත් විය. මේවන විට එම සමාගම 2020 වසර තුළ මිලියන 50 කට අධික කෘත්‍රිම බුද්ධිමය මෙවලම් (AIoT) ප්‍රමාණයක් නිකුත්කර ඇති අතර, 2021 වසරේදී එම ප්‍රමාණය දෙගුණයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇත.

realme සමාගමේ මෙරට මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අනාගත නායකයන් ඉදිරියේදී තමාට මුහුණදීමට සිදුවන සුවිශේෂී අභියෝග සඳහා නිර්මාණශීලි විසඳුම් අපේක්ෂා කරන බැවින් එම ගමනට ඔවුන් සමග අත්වැල් බැඳගනිමින් පාරිභෝගික පදනම තවදුරටත් පුළුල් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවය. “ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව ගෝලීය පරිසරයට පිවිසීම සඳහා මනා සූදානමකින් පසුවන බැවින් ඔවුන්ගේ එම ගමනේ හවුල්කරුවෙකු බවට පත්වීමට අප මහත් ඕනෑකමින් අපේක්ෂා කරනවා. තරුණ ප්‍රජාවගේ අවශ්‍යතා අනුව සැකසූ විශිෂ්ටත ම විශේෂාංග සහ තාක්ෂණික ක්‍රමවේද සමගින් එම realme නිෂ්පාදන නුදුරේදී ම ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දීමට අප කටයුතු කරනවා” යයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...