Saturday, May 8, 2021

මැනිං වෙළෙඳෙපොළ ආශ්‍රිත කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකාය යෙදවේ

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහය වීමට සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් සහභාගී කරවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් එහි සේවකයින් පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ නැවත වසා දැමීමට බලධාරීන් පියවර ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“ඊයේ පැවති සාකච්ඡාවේ දී සිවිල් ආරක්ෂක බලකායේ, සෙබළුන් 100ක් පමණ යොදවා ගැනීමට තීරණය වුණා. නාට්ටාමිවරුන්ගේ සහය ලැබෙන තෙක් අනිවාර්යෙන්ම නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කළ යුතු නිසා, 100කට ආසන්න සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ සහය භාණ්ඩ බෙදාහැරීමට ලබාගැනීමට තීරණය කළා.“

‍කොළඹ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග එළවළු ගොවීන්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවිය. ඒ අනූව ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන්කර දීමට රජය පියවර ගෙන තිබේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...