Tuesday, June 22, 2021

තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල, චීනච්චට්ටි, අබලි ඇලුමිනියම් කුට්ටි සහ සින්ක් කුට්ටි අපනයනය තහනම්

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

“කර්මාන්ත හා ව්‍යවසාය පිළිබඳ අන්තර් අමාත්‍යාංශීය කාර්යසාධක බලකාය” හා “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය” විසින් සිය රැස්වීම්වලදී ලෝහ කර්මාන්තයේ පවතින ගැටලු සාකච්ඡාවට ගනු ලැබ ඇති අතර, එම සාකච්ඡාවලදී තීරණය කර ඇති පරිදි දේශීය ලෝහ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය සැපයීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල, චීනච්චට්ටි, අබලි ඇලුමිනියම් කුට්ටි සහ සින්ක් කුට්ටි අපනයනය නැවැත්වීම සඳහා පියවර ගනු ලැබ ඇත. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ මොරටුව විශ්වවිද්‍යාලය විසින් සිදු කරනු ලැබ ඇති සමීක්ෂණයක් අනුව යකඩ, චීනච්චට්ටි, ඇළුමිනියම්, තඹ හා පිත්තල සඳහා දේශීය කර්මාන්තකරුවන්ගෙන් වැඩි ඉල්ලුමක් පවතින බවත්, සින්ක්, මැංගනීස්, අධිකාබන් යකඩ හා සුදු යකඩ සඳහා ද පවතින ඉල්ලුම වැඩි වෙමින් පවතින බවත් තහවුරු වී ඇත.

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව අබලි ලෝහ සඳහා පවතින ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින්, දැනට තඹ කම්බි අපනයනය සඳහා ලබා ‍දී ඇති අවසරය පිළිබඳව නැවත සලකා බලා වඩා අගය එකතු කළ යුතු නිෂ්පාදන සඳහා තඹ කම්බි අපනයනය අත්හිටුවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ චීනච්චට්ටි යන ලෝහවල අබලි ලෝහත් ඇලුමිනියම් කුට්ටි සහ සින්ක් කුට්ටි හා තඹ කම්බි දේශීය කර්මාන්ත සඳහා පමණක් භාවිත කිරීමටත්, එසේ භාවිත කළ නොහැකි අබලි ලෝහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා අනෙකුත් අදාළ ආයතනවල නිර්දේශය මත පමණක් අපනයනය සඳහා අවසර ලබා දීමටත් කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...