Tuesday, June 22, 2021

කොරෝනා නව ප්‍රවාහන ප්‍රතිපත්තිය – ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය. 

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් අද පස්වරුවේ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේ දී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දෙන්න වෙනවා. පුද්ගලික බස්රථවලට තියෙන මුදල් අවහිරකම හින්දා ලීසිං අයකරන එකත් මාස 6කට නවත්වන්න අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකා බැංකුව මඟින් ඒ අයට සහන පොළියට ලක්ෂ 3 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා.“

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

“ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම හරහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක්, දැන් අවම ගාස්තුව රුපියල් 12යි ඒ නිසා ඒක 14කට ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා. සෞඛ්‍ය අංශවලින් දැනට අපිට දැනුවත් කරලා තියෙන්නේ දෙවැනි ක්‍රමවේදයට ධාවනය කරන්න කියන කාරණය. මේ සංශෝධිත ගාස්තුවලට අනුව අද රාත්‍රී 12 සිට ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා.“

ගාස්තු සංශෝධනය සිදුවු අයුරු පහතින් දැක්වේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...