Thursday, June 24, 2021

කොරෝනාවට එරෙහි සාර්ථක යැයි සැලකෙන එන්නත සොයාගත් අඹු සැමි යුවළ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ජර්මානු සමාගමක් විසින් අමෙරිකානු සමාගමක් හා එක්ව නිපදවා ඇති කොරෝනා වෛරස ට එරෙහි එන්නත ගැන මේ වනවිට ලොව පුරා සියලුදෙනා බලාපොරොත්තු සහගතව පසුවේ.

එම එන්නත 90%ක් පමණ සාර්ථක බවට විද්‍යාත්මක ව ඔප්පු වී ඇති බව ඊට මුල්වූ විද්‍යාඥයෝ පවසති.

මෙවන් පසුබිමක මෙම එන්නත නිපදවීමට සහ සොයාගැනීමට මූලික වූ විද්‍යාඥයින් දේපළක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් අඹු-සැමි යුවළ කි.
 
ඌඝර් සහීන් සහ ඔස්ලම් තුරේෂි උපතින් තුර්කි ජාතිකයින් ය. ඔවුන් දෙදෙනා මේ වනවිට ජර්මනියේ ජීවත් වේ.

තුර්කියේ ‘අයිකෙන්ඩෙරන්’ නම් ප්‍රදේශයේ උපත ලබා ඇති සහීන් ඔහුගේ දෙමවිපියන් සමග ජර්මනියේ කොලොන් නගරයේ වාසයට පැමිණ ඇත්තේ ඔහුට වයස අවුරුදු 4 දීය.
 
ඔහුට තුරේෂි හමුවී ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතර තුරදීය. තුරේෂිගේ පියා ද වෛද්‍යවරයෙකි.

ඔවුන් දෙදෙනා ම පිළිකා පර්යේෂණ ගැන දැඩි උනන්දුවක් දක්වා තිබේ. එබැවින් ඔවුන් ආරම්භයේ සිටම එකට යාම් යම් පර්යේෂණ කරඇති අතර පසුව ඔවුන් දෙදෙනා ආදරවන්තයින් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන් දෙදෙනා විවාහ වූ දිනයේදී පවා විද්‍යාගාරයට ගොස් පර්යේෂණ කළ බව සඳහන් වේ.
 
ඔවුන් විද්‍යාත්මක පර්යේෂණ කළේ පිළිකාව සහ බෝවන රෝග සම්බන්ධයෙනි. විශේෂයෙන් ම ලොව පුර බහුලව භාවිත වන පිළිකා ප්‍රතිකාර ක්‍රමවේද සොයාගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා විසිනි.

කොරෝනා වෛරසය ඉස්මතු වීමත් සමගම ඔවුන් දෙදෙනා ඒ පිළිබඳ ව විද්‍යාත්මක පර්යේෂණ අරඹා තිබේ.

55 හැවිරිදි සහීන් සහ 53 හැවිරිදි ටුරේෂි විසින් “බයෝ එන් ටෙක්” සමාගම මධ්‍යම ජර්මනියේ මෙයින්ස් නම් නගරයේ දී 2008 වසරේදී ස්ථාපිත කර තිබේ.

පසුව ඔවුන් අමෙරිකාවේ විශාල ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම සමග හවුල් වී තිබේ.
   
එම එන්නත නිර්මාණය කිරීම සඳහා ඔවුන් විසින් භාවිත කර ඇත්තේ මීට පෙර යොදා නොගත් “mRNA” නම් තාක්ෂණය වන අතර එමගින් එන්නත ලබාදුන් මිනිසුන් ගේ සිරුරේ ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරයක් ඇතිවේ.

එමගින් ඔවුන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරයි.  

තම සොයාගැනීම පිළිබඳ ව සහීන් පැවසුවේ, “මම හිතන්නේ මේක මනුෂ්‍ය වර්ගයාට හොඳ පණිවුඩයක්. අපි දැන් දන්නවා කොවිඩ් -19 එන්නතක් මගින් වැලැක්විය හැකි බව.”

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බර්ලා එම සොයාගැනීම හැඳින්වූවේ, “වෛද්‍ය ක්ෂේත්‍රයේ පසුගිය වසර 100 තුළ වාර්තා වූ විශිෂ්ටතම ඉදිරිපිම්ම,” බවය.  

 
 

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...