බංග්ලාදේශ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ට පනවා තිබූ වසරක ක‍්‍රිකට් තරග තහනම පසුගියදා අවසන් විය. නමුත් අදාළ තහනම තමාට වෙස් වළාගත් ආශීර්වාදයක් වූ බව ෂකීබ් අල් හසන් පවසයි.

තරග පාවාදීමට සම්බන්ධ බුකී කරුවන්ගෙන් දූෂිත ප‍්‍රවේශයන් වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ෂකීබ්ට අදාළ තහනම පනවන ලදී. ‘‘මම හිතන්නේ ඒ තහනම මට ගොඩක් උදව් කළා. ඒ තහනමෙන් මට ධනාත්මක දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා. මට ජීවිතය ගැන වෙනස් ආකාරයකින් හිතන්න පුළුවන් වුණා. ඒ නිසා එම තහනම මට වෙස් වළාගත් ආශීර්වාදයක්.’’ යැයි ෂකීබ් පවසයි.

තහනමෙන් පසුව තව තවත් පරිණත අයුරින් වෙනස් ආකාරයට සිතන බවද ෂකීබ් පවසයි. ‘‘මම මේ ආකාරයට අරගල නොකළේ නම් මම ඉගෙන ගන්නේ නැහැ. නමුත් මිනිසකු වශයෙන් මම ආපසු එන්නේ වඩාත් පරිණතභාවයක් ඇතිව.

ඒ වගේම පෙරට  වඩා මම වෙනස් ආකාරයට දැන් හිතනවා.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here