2020 ඉන්දීය පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ එළිමිනේටර් තරග වටය යටතේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (06 වැනිදා* පැවැත්වේ. එ් අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටය දක්වා යා හැකිවන අතර අද තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවේ.

 ඬේවිඞ් වෝනර්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග 14න් 7ක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් වටයට පිවිසීමට සමත් විය. විරාට් කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මූලික වටයේ තරග 14න් 07ක ජය හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වෙමින් අවසන් වටයට පිවිසීමට සමත් විය.

 තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් දෙක මුණ ගැසුණු තරග දෙකේදී පළමු තරගය ලකුණු 10කින් ජය ගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරගය කඩුලූ 5කින් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

 සන්රයිසස් නායක ඬේවිඞ් වෝනර් මෙවර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර වෝනර් තරග 14කදී ලකුණු 529ක් වාර්තා කර තිබේ. තරග 14කදී ලකුණු 670ක් සමගින් කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායමේ කේ.එල්. රාහුල් අදාළ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවේ. අදාළ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ෂිකර් ධවාන්ට (දිල්ලි කැපිටල්ස්* හිමිව ඇති අතර ධවාන් තරග 14කදී ලකුණු 525ක් ලබා සිටී. එහි සිව්වැනි ස්ථානය සහ පස් වැනි ස්ථානය පිළිවෙලින් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ දෙව්දත් පඩික්කාල් සහ නායක විරාට් කෝලිට හිමිව තිබේ. දෙව්දත් පඩික්කාල් එහිදී තරග 14කදී ලකුණු 472ක් සහ කෝලි තරග 13කදී ලකුණු 460ක් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here