Thursday, April 22, 2021

IDH කාර්ය මණ්ඩලය කොවිඩ් අභියෝගය ජයගන්නේ කෙසේද ?

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

අඛණ්ඩ වුවමනාවක් හා උත්සාහයක් ඇත්නම් ජීවිතයේ අප සියලුදෙනා එදිනෙදා මුහුණදෙන අභියෝග ජයගැනීම අපහසු නොවේ.

එවන් වුවමනාවක්, උත්සාහයක්  සහ කැපවීමක් තිබේ නම් කොවිඩ් වසංගතයෙන් ද ආරක්ෂාවීමට අපිට පුළුවන් බව සත්‍යයකි.

එය සනාථ කිරීමට මේ දක්වා කොවිඩ් වසංගතයේ අවදානම සමග සිය රාජකාරිය ඉටුකරන IDH රෝහලේ කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.

චීනයේ වූහාන් නගරයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මසදී හඳුනාගත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයට දැඩි තීරණාත්මක බලපෑමක් එල්ල කරමින් තිබෙන බව අපි කවුරුත් දනිමු.

ආසාදනය වූ රෝගීන් පමණක් නොව රෝගීන්ට ප්‍රතිකාර කරන ලොව පුරා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ද රෝගයේ ගොදුරු බවට පත් වු අයුරු අපි එදිනෙදා අසමින් සිටිමු.

ශ්‍රී ලංකාව තුළත් කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ පෙර නොවූ අවදානමක් ද සමගිනි.

රට තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 45 තුළ මේ වන විට රෝගීන් 6000කට අසන්න පිරිසක් ප්‍රතිකාර ලබයි.

බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගේ ධාරිතාවය ද ඉක්මවා අවසන්ය.

අපේ රටේ ද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ද කොවිඩ් ආසාදිතයන් බවට පත්වූ අයුරු දක්නට ලැබුණි.

එම දැඩි ව්‍යාප්තිය සහ තවමත් එම වෛරසයට නිශ්චිත එන්නතක් නොමැති පසුබිමක, රෝගයෙන් ආරක්ෂා වීමේ දැවැන්ත  වගකීමක් ජනතාවට පැවරෙයි.

සැබැවින්ම, මෙරට පළමු සහ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය අවදානම් රාජකාරියක් මැද සිය ආරක්ෂාව තහවුරු කරගත්තේ කෙසේද?

පසුගිය ජනවාරි 27 වැනිදා මෙරට පළමු කොවිඩ් රෝගියා ලෙස හඳුනාගත් චීන ජාතික කාන්තාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ජාතික බෝ වන රෝග විද්‍යායතනයටය.

එතැන් සිට මේ වන තෙක් ආසාදිතයන් 1218 දෙනකුට මෙහි ප්‍රතිකාර ලබාදී තිබේ.

චීන කාන්තාව ඇතුළු ආසාදිතයන් 987 දෙනකු මෙහි සම්පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර මේ වන විටත් එහි කොවිඩ් ආසාදිතයන් 193 දෙනකු එහි ප්‍රතිකාර ලබමින් පසුවේ.

ඒ සියල්ල මැද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා වීමේ රහස කුමක්ද? ඒ අන් කවරක් නොව යහපත් සෞඛ්‍ය පුරුදු ඔවුන් නොපිරිහෙළා අනුගමනය කිරීමයි. 

ඒ අනුව, කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොව මෙම ආයතනය සමස්ථ ජනතාවටම ලබා දෙන්නේ මනා ආදර්ශයකි.

එමෙන්ම ඉන් ලබාදෙන අනෙක් පණිවුඩය වන්නේ සිය එදිනෙදා ජීවිතයේදී ඔබත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් කොවිඩ් රෝගයට ගොදුරුනොවී ආරක්ෂාවීම පහසු කාර්යයක් වන බවය.

ඔබ සිදු කළ යුත්තේ දින කිහිපයකින් අමතක නොකොට, සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වාගෙන යාමය.

- Advertisement -

More articles

7 COMMENTS

  1. Can I simply say what a relief to find somebody that truly
    knows what they’re discussing on the internet.
    You certainly realize how to bring a problem to light and make it important.
    More people should check this out and understand this side
    of the story. I can’t believe you’re not more popular because you certainly have
    the gift.

  2. Howdy this is somewhat of off topic but I was wanting to know if
    blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding expertise so I wanted to
    get guidance from someone with experience. Any help would
    be greatly appreciated!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...