බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණයක්

    0
    79

    බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

    බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳීරිනීතිය පැවතිය ද අනිද්දා (04) සිට එම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් විවෘත වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

    ඒ අනුව, රත්මලාන නාරාහේන්පිට, බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට (03) පීසීආර් පරීක්ෂණවලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර තිබේ

    ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ජනතාව අපහසුතාවයට පත්නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබේ.

    සිල්ලර වෙළෙඳාම මෙම ආර්ථික මධ්‍යස්ථානවල සිදු නොකරන බවත්, බලපත්‍ර සහිත තොග වෙළෙඳුන්ට පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදීමට බලධාරීන් තීරණය කර ඇත.

    එක් ආයතනයකට වාහන 15 ක් සඳහා බලපත්‍ර නිකුත් කොට, සුපිරි වෙළෙඳ සංකීර්ණ ද විවෘතකර භාණ්ඩ බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here